විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳීමට ‘LankaKonect’ අද දියත් කෙරේ

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ගේ ගැටලු විසඳීමට ‘LankaKonect’ අද දියත් කෙරේ
  • SocialShare:
විදෙස්ගත ශ්රී ලාංකිකයන් මුහුණ දෙන ගැටලු හා පැමිණිලි කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා ‘LankaKonect’ නමින් නව ජංගම දුරකථන යෙදවුමක් අද (16) නිල වශයෙන් දියත් කෙරිණි
. ජාත්යන්තර ගෘහ සේවකයන්ගේ දිනයට සමගාමීව හඳුන්වා දුන් මෙම පද්ධතිය මඟින් විදේශගත ශ්රී ලාංකිකයන්ට තම ගැටලු ලිඛිතව, හඬ පට, ඡායාරූප හෝ වීඩියෝ මඟින් ඉදිරිපත් කිරීමට සහ ඒවාට අදාළව ගනු ලබන පියවර සජීවීව පසුවිපරම් කිරීමට හැකියාව ලැබේ.
අද(16) කොළඹදී පැවති මෙම උත්සවයට විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්ය විජිත හේරත් මහතා සහ නියෝජ්ය අමාත්ය අරුන් හේමචන්ද්ර මහතා ඇතුළු රාජ්ය තාන්ත්රිකයන් සහ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ. මෙම පද්ධතිය තානාපති කාර්යාල, ශ්රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ අදාළ අමාත්යාංශ සමඟ සම්බන්ධ වන අතර මෙම යෙදවුම Google Play Store සහ Apple App Store හරහා නොමිලේ බාගත කළ හැකි බව විදේශ රැකියා නියුක්ති කාර්යංශය සඳහන් කරයි.