"සෑම පුරවැසියකුටම තම භෂාවෙන් මූලික අවශ්‍යතා ඉටුකර ගැනීමේ හැකියාව සකසා දීම රජයේ වගකීමක්" බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා පැවසීය.
ඒ මහතා මේ බව පැවසුවේ, රාජ්‍ය භාෂා දිනය සහ එහි වැඩසටහන් සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද [30] රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.
රාජ්‍ය භාෂා දිනය නිමිත්තෙන් රජය විසින් රාජ්‍ය භාෂා සතියක් ප්‍රකාශයට පත්කර ඇති අතර එය ජූලි මස 01 සිට ජූලි මස 07 වැනිදා දක්වා මුලතිව් දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වෙන බව නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය. බලය ලබා ගැනීමේදී පැවසූ පරිදිම ජාතික සමගිය ගොඩනගමින් රට ඉදිරියට ගෙනයාමට රජය කටයුතු කරන බවද හෙතෙම අවධාරණය කළේය.


