රාජ්‍ය භාෂා සතිය හෙටින් ඇරඹේ

රාජ්‍ය භාෂා සතිය හෙටින් ඇරඹේ
  • SocialShare:

හෙටට යෙදෙන රාජ්‍ය භාෂා දිනය නිමිතිකරගෙන ජූලි 01 සිට ජූලි 05 වනදා දක්වා රාජ්‍ය භාෂා සතියක් ප්‍රකාශයට පත් කරන බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශයේ නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලෆ්ෆර් මහතා පවසයි.

අද (30) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති රාජ්‍ය භාෂා සතිය පිළිබද මාධ්‍ය සාකච්ඡාවට එක් වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
සෑම පුරවැසියෙකුටම සිය භාෂාවෙන් වැඩ කිරීමට සැළැස්විය යුතු බව පවසන ඒ මහතා එම පරිසරයක් උදා කිරීම වෙනුවෙන් රජය වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කරන බවද පෙන්වා දුන්නේය.
ඒ වෙනුවෙන් පවතින අඩුපාඩු නිවැරදි කර ගනිමින් ඉදිරියට ගමන් කළ යුතු පවසන ඒ මහතා 2019.6.12 රාජ්‍ය භාෂා චක්‍රෙල්ඛය අනුව විවිධ ක්ෂේත්‍ර ඔස්සේ ක්‍රියාත්මක කෙරෙන බවද වැඩිදුරටත් පැවසීය.
රජ්‍ය භාෂා දිනයට සමගාමීව වව්නියාව දිස්ත්‍රික්කය කේන්ද්‍ර කර ගනිමින් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරෙන බවද ඒ මහතා සඳහන් කළේය.