උමා ඔය ව්‍යාපෘතියේ නොවිසිඳු ගැටලු විසඳීම උදෙසා පත් කෙරුනු කැබිනට් අනුකමිටුව රැස්වෙයි

උමා ඔය ව්‍යාපෘතියේ නොවිසිඳු ගැටලු විසඳීම උදෙසා පත් කෙරුනු කැබිනට් අනුකමිටුව රැස්වෙයි
  • SocialShare:

උමා ඔය ව්‍යාපෘතියේ නොවිසිඳු ගැටලු විසඳීම උදෙසා පත් කෙරුනු කැබිනට් අනුකමිටුව අද (2025 ජුනි 26) බණ්ඩාරවෙල , උඩපේරුව ප්‍රදේශයේ බණ්ඩාරවෙල නගර ශාලාවේදි රැස්වූ අතර එහිදී ක්ෂේත්‍ර පරීක්ෂණය හා ජනතා ගැටලු භාරගැනිම සිදුවිය.

මෙම අවස්ථාවට කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරි මාර්ග අමාත්‍ය කේ. ඩී ලාල්කාන්ත , වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න , කම්කරු අමාත්‍ය හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මහාචාර්ය අනිල් ජයන්ත , පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැඳි, බලශක්ති අමාත්‍ය  කුමාර ජයකොඩි යන අමාත්‍යවරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණි.

නව රජය කඩිනමින් ගැටලුවට පිළිතුරු සෙවීමට මැදිහත් වීම ජනතාවගේ ප්‍රසංසාවට හේතු විය

මේ අවස්ථාවට ප්‍රදේශයේ රාජ්‍ය නිළධාරීන් රැසක් සහභාගී විය