නව අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති

නව අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනෙක් දිවුරුම් දෙති
  • SocialShare:

නව අභියාචනාධිකරණ සභාපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නලින් රොහාන්ත අබේසුරිය මහතා අද (19) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

මේ අතර මහාධිකරණ විනිසුරු, දොන් ෆ්‍රැන්සිස් හතුරුසිංහ ගුණවර්ධන සහ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය කාන්ත මද්දුම පටබැඳිගේ යන මහත්වරු  නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් ලෙස අද (19) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්හ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.