9 වන චීන-දකුණු ආසියානු ප්‍රදර්ශනය අද(19) නිරිතදිග චීනයේ යුනාන් පළාතේ අගනුවර වන කුන්මිංහිදී ආරම්භ වුණා. ලබන 24වනදා දක්වා පැවැත්වෙන මෙම ප්‍රදර්ශනයේමෙවර තේමාව වන්නේ ‘සමගිය, සහයෝගීතාව සහ සංවර්ධනය වෙනුවෙන් එක්ව කටයුතු කිරීමයි.
එම ප්‍රදර්ශනය මෙම වසරේ පැවැත්වෙන චීනය හා දකුණු ආසියානු රටවල් අතර වැදගත් ම ආර්ථික සහ වෙළඳ හුවමාරු ක්‍රියාකාරකමක් ලෙසයි සැලකෙන්නේ. චීන ජාතික මහජන කොංග්‍රසයේ උප සභාපති Wang Dongming මහතා එහි සමාරම්භක උත්සවයට එක් වෙමින් දේශනයක් සිදු කළා. ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් වෙළඳ අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා ප්‍රමුඛ නියෝජිතයින් රැසක් මේ සඳහා එක් ව සිටිනවා.
මෑත වසරවලදී චීනය සහ දකුණු ආසියානු රටවල් විවෘතභාවය, සහයෝගීතාවය සහ සහභාගිත්වයෙන් යුතු ස්වභාවයට අනුගත වී, විවිධ ක්ෂේත්‍රයන් හි ප්‍රායෝගික සහයෝගීතාව පුළුල් කර තිබෙනවා. තම සංවර්ධනය දකුණු ආසියානු රටවල සංවර්ධනය සමඟ වඩාත් සමීපව ඒකාබද්ධ කිරීමට චීනය කැමැත්තෙන් සිටිනවා. සාමය, සන්සුන්භාවය, සමෘද්ධිය, සුන්දරත්වය සහ මිත්‍රත්වය යන "ප්‍රධාන සංරචක පහ" ගොඩනැගීම පොදු දැක්ම ලෙස ගෙන, අසල්වැසි රටවල් සමඟ පොදු ඉරණමක් සහිත ප්‍රජාවක් ගොඩනැගීම ප්‍රවර්ධනය කොට එක්ව වඩාත් පැහැබර අනාගතයක් නිර්මාණය කිරීමට චීනය සූදානමින් සිටින බව Wang Dongming මහතා එහිදී අවධාරණය කළා.
උසස් නිෂ්පාදන, පිරිසිදු බලශක්තිය සහ නවීන කෘෂිකර්මාන්තය වැනි ප්‍රධාන අංශ ඉස්මතු කරන තේමා ශාලා 11 කින් මෙවර ප්‍රදර්ශනය සමන්විත වනවා. මෙම වසරේ ප්‍රදර්ශනයේ තේමා රට වන්නේ ශ්‍රී ලංකාවයි. ඒ අනුව ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ව්‍යවසායකයින් 100 ක් පමණ මෙවර සහභාගී වී සිටීම විශේෂත්වයක්. මැණික් සහ ස්වර්ණාභරණ, සිලෝන් ටී, බතික් නිෂ්පාදන, පොල් ආශ්‍රිත නිෂ්පාදන සහ කුළුබඩු ආදී නිෂ්පාදන රුසක් ඒ අතරට එක් වනවා.