දූෂණය තුරන් කිරීම, ආර්ථිකය නැවත ගොඩනැගීම, සාධාරණ සමාන සහ තිරසාර අනාගතයක් සදහා පදනමක් තැබීම සහ අරමුණ උදෙසා ශ්‍රී ලංකාවේ ජනතාව වත්මන් රජයට පැහැදිලි ජනවරමක් ලබා දී ඇති අතර මෙම අරමුණ ඉටුකරගැනීම අරමුණින් සෙමින්, නමුත් ස්ථිරසාර ලෙස රටේ ආර්ථිකය ස්ථාවර කරමින්, සාධාරණ සමාන හා ගැඹුරු ප්‍රජාතන්ත්‍රවාදී සමාජයක් ස්ථාපිත කිරීමේ දිශාවට වත්මන් රජය ගමන් කරමින් සිටින බව කම්කරු අමාත්‍ය සහ ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පවසයි.
මේ සදහා කෘෂිකර්මය, සංචාරක කර්මාන්තය, බලශක්තිය, තොරතුරු තාක්ෂණය, සැපයුම් පද්ධති, ඛනිජ මත පදනම් වන කර්මාන්ත සහ හරිත ආර්ථිකය ඇතුළු ප්‍රමුඛතා අංශ වෙත ආයෝජන ආකර්ෂණය කරගැනීම සහ වේගවත් කිරීම අපේ ජාතික ක්‍රමෝපායෙහි වැදගත් ඉලක්කයක් බවත් මානව සම්පත් සංවර්ධනයට විශේෂයෙන් තරුණයින් සහ කාන්තාවන්ගේ බහු - කුසලතා සහ අනාගතයට අදාළ දක්ෂතා වර්ධනය කිරීම මගින් ඔවුන් ශක්තිමත් කිරීම සදහා කැප වී සිටින බවත් 113 වන ජාත්‍යන්තර කම්කරු සමුළුවේ මහා සභාව අමතමින් අමාත්‍යවරයා එසේ කීය.
ජාත්‍යන්තර කම්කරු සංවිධානය විසින් පවත්වන ජගත් කම්කරු සමුළුව ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර දී ඉකුත් (02) වෙනිදා ආරම්භ වූ අතර 12 වෙනිදා දක්වා මෙය පැවැත්විණි. එම ජාත්‍යන්තර කම්කරු සමුළුවේ ශ්‍රී ලංකාව නියෝජනය කරමින් කම්කරු අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙහෙවර සහ වරම සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවර සහයෝගය නැවත අවධාරණය කරන අතර “රැකියා අයිතිවාසිකම් සහ වර්ධනය අපට අදාළ වනවා පමණක් නොව, එය ඉතා වැදගත් සහ කඩිනමින් ප්‍රමුඛතාවය ලැබිය යුත්තක් බව ද අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
එහිදී වැඩිදුරටත් එම ජාත්‍යන්තර සමුළුව අමතමින් අමත්‍යවරයා මෙසේ ද කීය.
දැඩි මූල්‍ය සීමාවන් මධ්‍යයේ වුවද අපේ රජය 2025 ජාතික අයවැයේදී රාජ්‍ය අංශයේ සේවකයින්ගේ මූලික වැටුප් 60-80% කින් වැඩි කිරීමට අප තීරණාත්මක ක්‍රියාමාර්ග ගත් අතර, ඒ සමගම, පෞද්ගලික අංශයේ සාධාරණ වැටුප් සහතික කිරීම සඳහා ජාතික අවම වැටුප්තල පනත සංශෝධනය කළෙමු. අපේ දිගු කාලීන අරමුණ වන්නේ අවම වැටුප් සංකල්පයෙන් ඔබ්බට යමින් සියලු දෙනාට ජීවන වැටුප් ලබා දීමේ දිශාවට වර්ධනාත්මක ලෙස ඉදිරියට යාමයි.
අයිතිය, පාලනය, වෙළඳපොළ බලය සහ තොරතුරු අසමතුලිතතාවය යන අංශවලින් තාක්ෂණයේ ප්‍රතිලාභ නිෂ්පාදන සම්බන්ධතා තුළ සාධාරණව බෙදා ගැනීම පිළිබඳව පුළුල් මහජන සංවාදයක් සහ සර්ව පාර්ශවික සම්බන්ධතාවයක් අවශ්‍ය බව අපි පිළිගනිමු.
ප්‍රබල, ගැටුම් රහිත සහ සමාජ වගකීමක් ඇති නිෂ්පාදන සම්බන්ධතා ප්‍රවර්ධනය කිරීම අවශ්‍ය වන කම්කරු නීති ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන් කැපවී සිටී. ගෞරවනීය රැකියා, වෘත්තීය ආරක්ෂාව සහ සෞඛ්‍යය, ස්ත්‍රී-පුරුෂ වැටුප් පරතරය අවම කිරීම, සත්කාර ආර්ථිකයක් දිරිමත් කිරීම මෙන්ම නිළ නොවන, අනතුරුදායක සහ තාවකාලික ආර්ථිකයන්හි සේවකයින් ඇතුළු සියලු සේවකයින්ට හට ආරක්ෂාව සහතික කිරීම අපගේ ඉලක්කයයි. නිෂ්පාදන පද්ධති තුළ තීරණ ගැනීමේදී සුළු පරිසක් ගන්නා තීරණයන්ට නිශ්ශබ්දව එකඟ වීම අවසන් කොට සියලු දෙනා හට අදහස් දැක්වීමේ සමාන අයිතියක් තිබිය යුතු බව අපි විශ්වාස කරමු.
අපේ සංශෝධන වලට මග පෙන්වීම සඳහා, පුළුල් පරාසයක පාර්ශව කරුවන් ඇතුළත් කර ගැනීමට අපි අපේ තුන්-පාර්ශවික ආකෘතිය වඩාත් පුළුල් කළෙමු. අපේ සුවවීමේ සහ ප්‍රතිසංස්කරණ කටයුතු හැඩගැස්වීමට මෙම ඇතුළත් කරගැනීමේ ආකෘතිය මූලික වේ. ආයතනික ධාරිතාව සහ ප්‍රතිපත්ති වල නිරවුල් භාවය වැඩි කිරීම සඳහා අපි ජාත්‍යන්තර කම්කරු සංවිධානය සහ අනෙකුත් ජාත්‍යන්තර හවුල්කරුවන් සමඟ සමීපව වැඩ කරමින් සිටිමු.
සමාන, ඇතුළත් සහ තිරසාර පුළුල් දැක්මකින් අපි රැකියා සහ අයිතිවාසිකම් සමඟ ආර්ථික වර්ධනය සහ එයට සබැඳි දේ වෙත ප්‍රවේශයක් ගනිමින් සිටින්නෙමු.
ජාත්‍යන්තර සහයෝගිතාවයේ අත්‍යවශ්‍ය භූමිකාව අවධාරණය කිරීමට මම මෙම අවස්ථාව භාවිතා කරන්නෙමු. දේශගුණික වෙනස්වීම, සංක්‍රමණය, තාක්ෂණික බිඳවැටීම වැනි අපි මුහුණ දෙන ගෝලීය අභියෝග සඳහා සදාචාරය, සාධාරණය සහ මානුෂිකත්වය මූලික කරගත් හොඳින් සම්බන්ධිත ප්‍රතිචාර අවශ්‍ය වේ.
ජාත්‍යන්තර කම්කරු සංවිධානයේ මෙහෙවර සහ වරම සඳහා ශ්‍රී ලංකාවේ ස්ථාවර සහයෝගය නැවත අවධාරණය කිරීමට මම කැමැත්තෙන් සිටිමි. "රැකියා, අයිතිවාසිකම් සහ වර්ධනය" අපට අදාළ වනවා පමණක් නොව - එය ඉතා වැදගත් සහ කඩිනමින් ප්‍රමුඛතාවය ලැබිය යුත්තකි. රැකියාවේ ස්වභාවය, වර්ගය සහ ස්ථානය නොසලකා, කිසිවෙකු පහත් කොට නොසලකන, කම්කරු ප්‍රමුඛතාවය රකෙන අනාගතයක් ගොඩනැගීමට අපි උත්සාහ කරමු. නොසෙල්වෙන දේශපාලන කැපවීම සමඟ මෙම උතුම් සහ අත්‍යාවශ්‍ය කාර්යයට දායක වීමට ශ්‍රී ලංකාව සූදානම්.