ජනාධිපති අරමුදල මගින් සපයන සියලුම සේවා ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා සපයන බවද මේ මස 21 වනදා සිට මෙම කටයුත්ත අරඹන බවද ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා පැවසුවේය.
ජනාධිපති අරමුදලේ ලේකම්වරයා මේ බව පැවසුවේ අද (18) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.
කිලිනොච්චියේ ජනාධිපති අරමුදලේ පුහුණු වැඩසටහනක් උතුරු පළාතේ ප්‍රාදේශීය ලේකම්වරු සහ ප්‍රාදේශීය සභා කාර්ය මණ්ඩලය සහභාගී කරගෙන පැවැත්වෙන බවද එහිදී මෙම ක්‍රියාන්විතය දියත් වන බවද වැඩිදුරටත් සඳහන් කළේය.
එහිදී ජනතාවට ස්වයං රැකියා සඳහාද අධ්‍යාපනයට ආධාර ඉල්ලීමටද, විශේෂ අවශ්‍යතා සහිත අයගේ ආධාර ඉල්ලීමටද, දිළිඳුකම පිටුදැකීමේ උත්සාහයන් සඳහා ආධාර ඉල්ලීමටද හැකිවන බව පැවසුවේය. මෙලෙස ජනාධීපති අරමුදලෙන් ඉල්ලන ඔුනෑම සහනයක් ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගොස් ඒ වෙනුවෙන් සාදා ඇති මාර්ගගත පදිධතිය හරහා සිය තොරතුරු ඇතුලත් කිරීමෙන් අවශ්‍ය ලිපි ලේඛනද අමුණා ඉදිරිපත් කිරීමේ හැකියාව ඇතැයිද සඳහන් කළේය.
මින් පෙර මෙවැනි ඉල්ලීමකට මාස ගණනාවක් හෝ වසරක් වැනි දීර්ඝ කාලයක් ගත වුවද මෙම ක්‍රියාවලිය හරහා එකවර සියලු තොරතුරු ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා ගෙන්වා ගැනීමට අවස්ථාව හිමිවන බවද පැවසුවේය.
මෙය ජනාධිපති අරමුදල පිහිටුවීමෙන් පසු ජනතාව වෙනුවෙන් ඉලක්ක වුණු අරමුදලක් ලෙස ජනතාව වෙතට යන පළමු අවස්ථාව ලෙස විශ්වාස කරන බවද මෙය එක්තරා ලෙසකට විප්ලවීය වැඩසටහනක් බවද මෙම අරමුදල ජනතාවගේ අරමුදලක් නිසා පාලක මණ්ඩලයේ අභිමතය වන්නේ ජනතාව ජනාධිපති අරමුදල වෙත ගෙන්වා ගැනීම නොව ජනතාව වෙත මෙය රැගෙන යාම බවද අවධාරණය කළේය.
එම කටයුත්ත සිදුවන බවද මේ මස 21 වනදා සිට සියලු සේවාවන් රැගෙන යාම සිදුවන බවද වැඩිදුරටත් පැවසුවේය.