ජගත් පරිසර දිනයට සමගාමීව පාරිසරික ප්‍රදර්ශනයක් අද කෑගල්ල නගර ශාලාවේදී

ජගත් පරිසර දිනයට සමගාමීව පාරිසරික ප්‍රදර්ශනයක් අද කෑගල්ල නගර ශාලාවේදී
  • SocialShare:

"ජගත් පරිසර දින ජාතික උත්සවයට සමගාමිව පාරිසරික ප්‍රදර්ශනයක් අද (02) කෑගල්ල නගර ශාලාවේදී පැවැත් වේ.අද (02)ඇරඹෙන මෙම පාරිසරික ප්‍රදර්ශනය ජූනි 5 වෙනි දින දක්වා, එනම් "ජගත් පරිසර දිනය" දක්වා පැවැත්වීමට නියමිතයි.


අදට යෙදී ඇති ජෛව විවිධත්ව සංරක්ෂණ දිනය වෙනුවෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ මූලිකත්වයෙන් සහ පරිසර අමාත්‍යංශයට අනුබද්ධ සියලු ආයතනයන්ගේ සහයෝගයෙන් ජෛව විවිධත්වය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ප්‍රජාව දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රදර්ශනය සංවිධානය කර තිබේ.

විශේෂයෙන් වඳවී යන සතුන් පිළිබඳ ප්‍රජාව දැනුවත් කිරීම සහ පරිසර සංරක්ෂණය පිළිබඳ දැනුවත් කිරීම සඳහා මෙම ප්‍රදර්ශන කුටි සංවිධානය වනු ඇත.  පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන්  අද (02) පස්වරු 2.00 ට එම ප්‍රදර්ශනය ආරම්භ කිරීමට නියමිතය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.