ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක
  • SocialShare:

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාලස් මහතා ජුනි 3 වැනි දින ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය.
මෙම සංචාරය අතරතුරදී, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා හමුවීමට නියමිත වේ. නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයගේ පැමිණීම පිළිගැනීම සඳහා ‘ඕස්ට්‍රේලියන් හවුස්’ හිදී පවත්වනු ලබන විශේෂ දිවා භෝජන සංග්‍රහයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගී වන අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ද ඒ මහතා හමුවීමට නියමිතයි.
ශ්‍රී ලංකා සංචාරය අතරතුර ඒ මහතා ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජෙනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක් ද පවත්වනු ඇත. ද්විපාර්ශ්වික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සහ දෙරට අතර ආරක්ෂක අංශයේ සහයෝගීතාව වැඩි දියුණු කිරීම මෙම සංචාරයේ අරමුණ වේ.
මෙම සංචාරයට නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා සමඟ ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය කාර්යාලය, ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ විදේශ කටයුතු සහ වෙළඳ දෙපාර්තමේන්තුව නියෝජනය කරන නිලධාරීන්ද සහභාගී වීමට නියමිත වේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.