සංක්‍රමණිකයන් සඳහා වන ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට අවධානය

සංක්‍රමණිකයන් සඳහා වන ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කිරීමට අවධානය
  • SocialShare:

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන දූත මණ්ඩල ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ (Ms, Kristin Parco ) මහත්මිය අතර හමුවක් පසුගි දා  සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැත්වුණු අතර එහිදී සංක්‍රමණිකයන් සඳහා වන ප්‍රාථමික සෞඛ්‍ය සේවාවන් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව අවධානයට ලක්විය.

මෙම හමුවේ දී සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ සංක්‍රමණය සඳහා වන ජාත්‍යන්තර සංවිධානයේ (IOM) අතර දැනට පවතින සහයෝගිතාවය තව තවත් වර්ධනය කර ගැනීම සහ ජාත්‍යන්තර සහ අභ්‍යන්තර සංක්‍රමිණික කටයුතුවලට අදාළ මැදිහත්වීම් ශක්තිමත් කිරීම පිළිබඳ ව මෙහි දී සාකච්ඡා කරන ලදි.

එමෙන් ම ජාතික සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සමාලෝචනය කිරීම මෙන් ම යාවත්කාලීන කිරීම,   ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශයන්හි සහ උතුරු, නැගෙනහිර ප්‍රදේශවල සෞඛ්‍ය සේවාවන් වැඩිදියුණු කිරීම සහ මානසික සෞඛ්‍ය සේවාවන් විධිමත්ව පුළුල් කිරීම පිළිබඳව ද  මෙහි දී  අමාත්‍යවරයා සහ ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය අතර දීර්ඝව සාකච්ඡා කෙරිණි.

මෙරට ක්‍රියාත්මක නිදහස් සෞඛ්‍ය සේවාවේ අනාගත ප්‍රගමනය සහ වර්ධනය වෙනුවෙන් තම සංවිධනායේ අඛණ්ඩ සහය නිබඳව ඉදිරියටත් ලබා දෙන බවට ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය මෙහි දී සදහන්  කළා ය.

සෞඛ්‍ය අමාත්‍යාංශය සහ සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය අතර තාක්ෂණිය සහයෝගීතාවය 2013 වර්ෂයේ දී  ජාතික සංක්‍රමණික සෞඛ්‍ය ප්‍රතිපත්තිය සකස් කිරීමේ සිට බැඳී පවතින බව සිහිපත් කළ  මෙරට දූත මණ්ඩල ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය, වර්තමානය වන විට සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානයේ සහයෝගීතාවයෙන් මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වැඩිදියුණු කිරීම, අවදානමට ලක්විය හැකි සංක්‍රමණික ප්‍රජාවන් සඳහා සහයෝගය දැක්වීම වැනි පුළුල් පරාසයක කටයුතු කරන බව ද ඇය සදහන් කළා ය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලක්වාසී සියලු ජනයාට විශ්වීය සෞඛ්‍ය ආවරණය නිබඳව ලබා දීමටත්, එය ප්‍රවර්ධනය කිරීම සදහාත් ගෙන යනු ලබන වැඩපිළිවෙළේ දී අඛණ්ඩව සහයෝගීතාවය ලබා දීමට දූත මණ්ඩල ප්‍රධානී ක්‍රිස්ටින් පාර්කෝ මහත්මිය මෙහි දී එකඟතාවය පළ කර සිටියේ ය.

සංක්‍රමණයට අදාළ පුළුල් පරාසයක ගැටලු සම්බන්ධයෙන් සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානයේ  ශ්‍රී ලංකා රජයට තාක්ෂණික සහාය ලබා දීම පිළිබඳවත්, ප්‍රජාව සමඟ සමීප සහයෝගීතාවයකින් කටයුතු කිරීම පිළිබඳවත්  මෙහි දී සෞඛ්‍ය ජනමාධ්‍ය අමාත්‍යවරයා ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයට රජය වෙනුවෙන් සිය ප්‍රසාදය පළ කර සිටියේ ය.

සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය මෙතෙක් ලබා දුන් දායකත්වය අගය කළ අමාත්‍යවරයා එම දායකත්වය ඉදිරියටත් අපේක්ෂා කරන බව ද පැවසී ය.

මෙම අවස්ථාවට සංක්‍රමණය සදහා වන ජාත්‍යන්තර සංවිධානය නියෝජනය කරමින් නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී මෙන් ම ප්‍රධාන සංක්‍රමණ සෞඛ්‍ය නිලධාරී Dr. Simeonette de Asis,

වෛද්‍ය අචිනි ජයතිලක යන මහත්මීන් ද එක් ව සිටියහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.