ජගත් සාගර දින ජාතික වැඩසටහන ජූනි 08 වනදා කොළඹ වරාය නගරයේදී

ජගත් සාගර දින ජාතික වැඩසටහන  ජූනි 08 වනදා කොළඹ වරාය නගරයේදී
  • SocialShare:

2025 සාගර දින ජාතික වැඩසටහන ජූනි 08 වැනිදා පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතාගේ ප්‍රධානත්වයෙන් Colombo Port City හිදී පැවැත්වෙන බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ජගත් ගුණසේකර මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ , අද (06) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදිය.
2025 ජගත් සාගර දිනයේ තේමාව වන්නේ “අපි රකින අසිරිමත් මහ සයුර සුරකිමු” යන්නයි.
ජගත් සාගර දිනයට සමගාමීව ක්‍රියාකාරකම් රාශියක් පැවැත්වෙන බවත් එහිදී මූලිකවම ප්‍රදර්ශනයක් පැවැත්වෙන බවත් ඊට ප්‍රදර්ශන කුටි 35ක් පමණ ඇතුලත් බවත් හෙතෙම පැවසීය.
මෙම ප්‍රදර්ශනයේදී සාගරය හා සම්බන්ධ නව කර්මාන්ත , සාගර පරිසරය ආරක්ෂා කිරීමට යොදා ගන්නා තාක්ෂණය , සාගර පරිසරය හා බැඳුනු රාජ්‍ය අංශයේ ආයතන මේ වන විට ක්‍රියාත්මක කරන වැඩසටහන් මොනවද ? යන්න සාකච්ඡා කරන බවද පැවසිය.
සමුද්‍ර ජීවි ප්‍රදර්ශනයක් , පාසැල් ළමුන් සහ කුඩා ළමුන් සදහා චිත්‍ර තරගයක් , සමුද්‍ර අප දුව්‍ය භාවිතා කරන නිර්මාණ තරග, මුහුදු වැලි යොදා කරන නිර්මාණ තරගද මෙදින පැවැත්වෙන බවද සාමාන්‍යාධිකාරිතුමා පැවසුවේය.
එමෙන්ම සමුද්‍රයේ ඇති සම්පත් මෙන්ම සමුද්‍රය සමඟ ඇති බැදියාව වැඩි දියුණු කිරිමට බීච් වොලි බෝල් ප්‍රදර්ශනාත්මක තරගයක් පැවැත්වීමට කටයුතු යොදා ඇති බවත් ප්ලාස්ටික්වලින් තොර සමුද්‍රිය පරිසරයක් ඇති කිරීිම සම්බන්ධව විද්‍යුත් කතිකාවත් සුදානම් කර ඇති බවද පැවසුවේය.
සාගර පරිසරයට එදිනෙදා වන බලපෑම අවම කිරීමටත් සාගර පරිසර දූෂණය වැළැක්වීමටත් සාගර පරිසරය හා බැදුනු ධීවර මෙන්ම සංචාරක කර්මාන්තවල තිරසාර බව සහතික කිරිමට මහජනතාවට දායකවන ලෙසද සාමාන්‍යාධිකාරිතුමා මහජනතාවගෙන් ඉල්ලීමක් කළේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.