පොල් වගාව ආශ්‍රිිිතව පැතිර යන වැලිගම කොළ මැලවීමේ රෝගය මර්ධනය සඳහා රෝගය වැලඳුණු පොල් ගස් කපා ඉවත් කිරීම වෙනුවෙන් ලබාදුන් රු.3000 ක වන්දි මුදල රුපියල් 10,000ක් දක්වා වැඩි කරන බව පොල් වගා කිරමේ මණ්ඩලය පවසයි.
දකුණු පළාත තුළ ව්‍යාප්ත වී ඇති මෙම රෝගය එම පළාතේ පොල් වතුවල තවදුරටත් ඇත්නම් එම රෝගී ගස් කපා ඉවත්කරන මෙන් පොල් වගාකිරීමේ මණ්ඩලය, පොල් වගා කරුවන්ගෙන් ඉල්ලා සිටියි.
මෙම රෝගය අනෙකුත් පොල් ගස් අතර පැතිරයාම වැළැක්වීමට ඇති එකම විකල්පය එය වන අතර, ඒ හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ පොල් ගස් 6,200ක ප්‍රමාණයක් මාස 3ක් ඇතුළත කපාදැමීම සඳහා සලකුණු කර ඇත.
මේ වෙනුවෙන් විශාල පිරිස් බල ඇණියක් සහ විවිධ දෙපාර්තමේන්තුවල සහභාගිත්වයෙන් සිදුකිරීමට ඊයේ (4) පැවති මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවති ජාතික සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී ද තීරණය වී තිබේ.
ශ්‍රී ලංකාව තුළ මෙම රෝගය ව්‍යාප්ත වී ඇති භූමි ප්‍රමාණය මුළු දිවයිනේම පොල් වගාකරන සමස්ත භුමි ප්‍රමාණයෙන් 5%ක් වේ.
දකුණු පළාතේ 2024 වර්ෂය තුළ වාර්තා වී ඇති පොල් ආශ්‍රිත නිෂ්පාදන අපනයන ආදායම ඩොලර් මිලියන 854.93ක් වේ.
මෙම රෝගය අනෙකුත් පොල් ගස් වෙත පැතිර යාමක වැළැක්වීම සඳහා රෝගී ගස් කපා ඉවත් කිරීමේ කටයුතු සඳහාත් ඒ වෙුනවට නැවත සිටුවීම සඳහා වගාකරුවන් වෙත ලබා දෙන පොල් පැළ නැවත සිටුවීමේ කටයුතු සඳහාත් අවශ්‍ය සහයෝගය ලබාදෙන මෙන් පොල් වගා කිරීමේ මණ්ඩලය වැඩිදුරටත් ඉල්ලා සිටියි.