බෝපිටිය පමුණුගම මහා විද්‍යාලයේ සහ මාවනැල්ල සහිරා යන විද්‍යාලවල ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපති ලේකම් කාර්යාලය සහ ජනාධිපති මන්දිරය නැරඹීම සඳහා ඊයේ (05) පැමිණියහ.
ජනාධිපති කාර්යාලය, අධ්‍යාපන අමාත්‍යාංශය හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සන්නිවේදන අංශය සමඟ එක්ව පාසල් ළමුන් උදෙසා ක්‍රියාත්මක කරන ‘Vision’ වැඩසටහන් මාලාවට සමගාමීව එම විදුහල්වලට මෙම අවස්ථාව හිමි වී තිබේ.
මෙම ශිෂ්‍ය ශිෂ්‍යාවන් පැරැණි පාර්ලිමේන්තුව නැරඹීමෙන් පසු පාර්ලිමේන්තු ඉතිහාසය පිළිබඳ දැනුම්වත් කිරීමද සිදු කෙරිණි.
මේ අතර අදට යෙදී ඇති ජගත් පරිසර දිනය නිමිත්තෙන් එම පාසල් වෙත පළතුරු සහ ඖෂධ පැළ බෙදා දීමද මෙහිදී සිදු විය.
ජගත් පරිසර දිනයට සමගාමීව ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මැදිහත්වීමෙන් පොල් පැළ 20,000ක් පාසල් වෙත බෙදා දීමේ වැඩසටහනද මීට සමගාමීව ආරම්භ කෙරිණි.
ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පැමිණි පාසල් සිසු සිසුවියන් ජගත් පරිසර දින ප්‍රතිඥාව ලබාදීම සහ පරිසර ගීතය ගායනා කිරීම සිදු කරනු ලැබීය.
ශ්‍රී ලංකා වයඹ විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම හා වැවිලි කළමනාකරණ පීඨයේ උද්‍යාන විද්‍යාව සහ භූ දර්ශන උද්‍යාන විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය කපිල යකන්දාවල මහතා විසින් ජගත් පරිසර දිනය නිමිත්තෙන් මෙහිදී විශේෂ දේශනයක් සිදු කළ අතර පැළ සිටුවීම සහ ඒවා නඩත්තු කිරීම දැනුවත්භාවයකින් යුතුව සිදු කළ යුතු බව ඒ මහතා පෙන්වා දුන්නේය.
“ගසක් සිටුවීමේදී දැනුවත්භාවයෙන් එය සිදු කළහොත් වඩාත් ප්‍රයෝජන අත්කරගත හැකියි. ගස් සිටුවීම වගේම ඒවා රැක බලා ගැනීමද ඉතා වැදගත් වෙනවා. දරුවන් වගේම ගසක්ද සිටුවා එය අතහැරියහොත් ගහට ඕන විදයට ගහ හැදනෙවා. වසර 40-50ක් ගියවිට එම ගස් කඩා වැටෙනවා. මේ දිනවලට සුළං තත්ත්වය සමග එය බහුලව දැකිය හැකියි. එය නැවැත්විය නොහැකි නමුත් අවම කරගත හැකියි. කඩා වැටුණු ගසක් අසළට ගොස් බැලු විට ඒවායේ මුල් පද්ධතිය තිබෙන්නේ පොළොව මතුපිටයි. ග්‍රාමීය ප්‍රදේශවල ගස්වල මුල් පද්ධතිය හොදින් පොළවට එක්වී තිබෙනවා. නමුත් අපි ගහක් සිටුවා ගහේ කඳ දක්වා කොන්ක්‍රිට් දමනවා. අපිට වගේම ගස්වලටත් හුස්ම ගැනීම අවශ්‍යයි. මුල්වලට ඔක්සජින් අවශ්‍යයි. අපි ගහ සිටුවා ලස්සනට සීල් තබා තිබෙනවා. එවිට ගහ ආතතියට පත් වන අතර සුළං තත්ත්වයක් ඇති වූ විට එය ඉදිරි වැටෙනවා. එබැවින් ගස් තෝරාගැනීමේදී මෙන්ම නඩත්තු කිරීමේදීද දැනුවත් විය යුතුයි.
ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් කේ. එම්. එන්. කුමාරසිංහ, ජනාධිපති මාධ්‍ය අංශයේ, අන්තර්ජාතික මාධ්‍ය සහ උපායමාර්ගික සන්නිවේදන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී අනුරුද්ධ ලොකුහපුආරච්චි, සහකාර අධ්‍යක්ෂ නදීක දංගොල්ල යන මහත්වරුද, විදුහල්පතිවරු, නියෝජ්‍ය විදුහල්පතිවරු, ආචාර්ය මණ්ඩලය ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.