ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වියට්නාමයේ රාජ්‍ය සංචාරයක
  • SocialShare:

වියට්නාම ජනාධිපති ලුඕං කුඕංගේ මහතාගේ ආරාධනාවකට අනුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා 2025 මැයි 04 සිට 06 වැනි දින දක්වා වියට්නාම සමාජවාදී ජනරජයේ රාජ්‍ය සංචාරයක නිරත වීමට නියමිතය.

මෙම සංචාරය අතරතුරදී, ජනාධිපතිවරයා වියට්නාම ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා සමඟ නිල සාකච්ඡා පවත්වනු ඇති අතර කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම්වරයා ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවනු ඇත. හෝ චි මිං නගරයේ පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ වෙසක් දින උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ජනාධිපතිවරයා සහභාගී වන අතර එහිදී ඔහු ප්‍රධාන දේශනය පැවැත්වීමට නියමිතයි.
රාජ්‍ය සංචාරය අතරතුර දෙපාර්ශ්වය අවබෝධතා ගිවිසුම් සහ ගිවිසුම් කිහිපයක් අත්සන් කිරීමටද නියමිත අතර ව්‍යාපාරික ප්‍රජාව සමඟ සම්බන්ධ වීමටද අපේක්ෂා කෙරේ.
දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවලට මෙම වසරේදී 55 වසරක් සපිරෙන බැවින්, වියට්නාම සමාජවාදී ජනරජය වෙත කෙරෙන මෙම සංචාරය තුළින් දෙරට අතර ශක්තිමත් සබඳතා තවදුරටත් තහවුරු වනු ඇති බවට බලාපොරොත්තු වේ.
ජනාධිපතිවරයා සමඟ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් පිරිසක්ද මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.