මත්ස්‍ය සම්පත තිරසාරව නෙළාගැනීමට කළමනාකරණ ක්‍රම හඳුන්වාදෙමින් කටයුතු කරනවා - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත

මත්ස්‍ය සම්පත තිරසාරව නෙළාගැනීමට කළමනාකරණ ක්‍රම හඳුන්වාදෙමින් කටයුතු කරනවා - ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත
  • SocialShare:

අප රටට මෙන්ම ලොව අනෙකුත් රට වලටද අසීමිතව මත්ස්‍ය සම්පත නෙළා ගැනීමට තරම් ප්‍රමාණවත් මත්ස්‍ය සම්පතක් මහා සාගරයේ නොමැති බවද එමනිසා ශ්‍රී ලංකා රජය මෙන්ම අනෙකුත් සෑම රටක්ම මේ වන විට මත්ස්‍ය සම්පත තිරසාරව නෙළාගැනීමට කළමනාකරණ ක්‍රම හඳුන්වාදෙමින් කටයුතු කරන බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා සඳහන් කළේය.

බව ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව පැවසුවේ අද (05) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමිනි.

ධීවර දෙපාර්තමේන්තුව යටතේ 1996 අංක 02 දරණ ධීවර හා ජලජ සම්පත් පනතත් ඒ යටතේ පනවන ලද රෙගුලාසි එකසිය හතරකට වඩා වැඩි ප්‍රමාණයක්ද ක්‍රියාත්මක කරමින් මත්ස්‍ය සම්පත තිරසාර ලෙස කළමනාකරණය කරන්නේ මත්ස්‍ය සම්පතේ ඇති සීමිත භාවය නිසා බවද එලෙස කළමනාකරණය නොකළ හොත් ඉතා ඉක්මණින් මෙම මත්ස්‍ය සම්පත අවසන් වීමේ හැකියාවක් පවතින බවද අවධාරණය කළේය.

ධීවරයන් අතර මසුන් නෙළාගැනීම සඳහා ගැටුම් ඇති වන්නේ සහ තරඟකාරීත්වයක් ඇතිවන්නේ පවතින සීමිත සම්පත වැඩිදෙනෙක් එකවර නෙළාගැනීමට උත්සාහ කිරීම නිසා බවද පැවසුවේය. අදත් අප මත්ස්‍ය සම්පත පරිභෝජනය කර අනාගත පරපුරටද මෙය ආරක්ෂා කරදීම සියලුම ලෝකවාසීන්ගේ වගකීමක් බවද පෙන්වා දුන්නේය.

එමනිසා මෙම සීමිත මත්ස්‍ය සම්පත  පිළිබදව අද ලෝක පරිසර දිනයේදීත් අවධානය යොමු කරන බවද වැඩිදුරටත් පැවසුවේය. එමනිසා යම් යම් නීති රීති හා සීමාවන් පනවමින් මෙම සම්පත කළමනාකරණය කරගැනීමට උත්සාහ කරන බවද ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත මහතා අවධාරණය කළේය.

ලංකාවේ සිටින කිසිම පුද්ගලයෙකුට වාණිජ පරමාර්ථයකින් ධීවර දෙපාර්තමේන්තුවෙන් ලබාගත් මෙහෙයුම් බලපත්‍රයකින් තොරව මුහුදේ මසුන් ඇල්ලීම කළ නොහැකි යැයිද බොහෝ දෙනෙක් එය දැන සිටියද ඇතමුන් ඒ පිළිබඳව දැනුවත් නැතැයිද සඳහන් කළේය.

මෙහෙයුම් බලපත්‍ර ලබාදීම සිදුකරන්නේ ඒ ඒ මුහුදු ප්‍රෙද්ශ වල පවත්නා සම්පත සැලකිල්ලට ගෙන බවද සම්පත වේගයෙන් අඩුවෙන තත්ත්වයක් විද්‍යාමානව නිරීක්ෂණය කළ අවස්ථාවකදී සීමා සහිතව බලපත්‍ර නිකුත් කරන බවද වැඩිදුරටත් පැවසුවේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.