මාතර දිස්ත්‍රික් මහ රෝහලේ පොරොත්තු ලේඛනයේ 400 දෙනෙකුට ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සිදු කෙරේ.
රජයේ රෝහල්වල ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා පවතින පොරොත්තු ලේඛන අවම කිරීමේ අරමුණින් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විශේෂ වැඩසටහනක් ක්‍රියාවට නංවා ඇත.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ උපදෙස් හා මඟපෙන්වීම යටතේ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ මෙහෙයවීමෙන් ශ්‍රි ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සංවිධාන ශක්තියෙන් සහ ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ මුල්‍ය දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක ය.
“Gift of Vision Sri Lanka” ලෙස හඳුන්වන එම වැඩසටහන යටතේ මාතර දිස්ත්‍රික් මහ රෝහලේ දින දෙකක් තුළ ඇසේ සුද ඉවත් කිරීමේ අක්ෂි ශල්‍යකර්ම 400 ක් සාර්ථකව සිදු කිරීමට පසුගිය දා කටයුතු කෙරුණි.
ප්‍රමුඛතා පදනම මත එම ශල්‍යකර්ම සිදු කළ අතර, එම කටයුතු සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි සහ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන්ගේ අධීක්ෂණයට සහ ප්‍රගති සමාලෝචනයට ද ලක්විය.
මාතර දිස්ත්‍රික් මහ රෝහලේ ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්ම සඳහා වන පොරොත්තු ලේඛනය 2000 කට ආසන්න පිරිසකගෙන් යුක්ත විය. මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අක්ෂි එ්කකයේ පූර්ණ ශ්‍රමදායකත්වයෙන් පැවැති මෙම ඇසේ සුද ඉවත් කිරීමේ අක්ෂි ශල්‍යකර්ම සදහා අවශ්‍ය කාච සහ උපකරණ කට්ටල ශ්‍රි ලංකා අක්ෂිදාන සංගමය විසින් නොමිලේ ලබාදීමට කටයුතු කර තිබුණි. එමෙන් ම අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමෙන් පසු රෝගීන් සදහා ඖෂධ භාවිතය සහ උපදේශන කටයුතු ද මාතර මහ රෝහලේ ඖෂධවේදීන් විසින් ලබාදීමට කටයූතු කිරීම ද මෙහි විශේෂත්වයක් විය.
සෞඛ්‍ය හා ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා අදහස් දක්වමින් මෙරට රෝහල් පද්ධතිය තුළ රෝගී පොරොත්තු ලේඛන අභියෝගයක් ලෙස දකින බවත්, ජනාධිපති අරමුදල භාවිතා කර මෙම පොරොත්තු ලේඛන අවම කරන ලෙස ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා උපදෙස් ලබාදුන් බව ද මෙහි දී පෙන්වා දෙන ලදි. නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක පිරිවැයක් හෝ ජනාධිපති අරමුදලේ මුදල් ලබානොගෙන පොරොත්තු ලේඛන සහිත රෝහල් වෙත ගොස් අක්ෂි ශල්‍යකර්ම සිදු කිරීමට ශ්‍රි ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය තීරණය කළ බවත් ඒ පිළිබඳව ශ්‍රි ලංකා අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයට සිය කෘතඥතාව පළ කරන බව ද පැවසී ය. මෙම වැඩපිළිවෙළ විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ සිදු වන බව ද ඒ තුළ රජයේ රෝහල්වල පොරොත්තු ලේඛන ඉතා කඩිනමින් අවම කර ගත හැකි වනු ඇති බව ද නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි දී පැවසී ය.
මෙම වැඩසටහන පිළිබඳ අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජාසිංහ මහතා රාජකාරී වේලාවෙන් ට අමතරව ජනාධිපති අරමුදලේ මූල්‍ය දායකත්වය මත හෘද සැත්කම් සහ අනෙකුත් සැත්කම් සිදු කිරීමට වැඩපිළිවෙළක් සකසන ලෙස ජනාධිපතිතුමා සහ සෞඛ්‍ය අමාත්‍යතුමා ලබාදුන් උපදෙස් අනුව හෘද සැත්කම් සහ අක්ෂි සැත්කම් සිදු කිරීම සදහා කරුණු සොයා බැලීමට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්ගේ ප්‍රධානත්වයෙන් කමිටු දෙකක් පත් කළ බව පැවසීය. එම කමිටු වාර්තා පදනම් කර ගනිමින් ඉදිරි කටයුතු සිදු කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් වෛද්‍ය කුමාර වික්‍රමසිංහ, මාතර දිස්ත්‍රික්ක මහ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය එ්.ඩි.යු කරුණාරත්න, රාගම වෛද්‍ය පීඨයේ ඡ්‍යෙෂ්ඨ කථීකාචාර්ය අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කේ.ඒ සැල්වින්, අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ සභාපති අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය කුසුම් රත්නායක, ශ්‍රී ලංකා අක්ෂිදාන සංගමයේ සභාපති සම්පත් සිල්වා මාතර දිස්ත්‍රික් රෝහලේ අක්ෂි ශල්‍ය විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් සිරිවර්ධන ඇතුළු විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය හෙද ඇතුළු රෝහල් කාර්ය මණ්ඩලය එක් ව සිටියහ.