බෝග වලට හානි සිදුකරන වනජීවින් පිළිබඳ ජාතික සංගණනය අස (15) පෙ.ව 8.00ත් 8.05 අතර දීපව්‍යාප්තව පැවැත් වේ.
එහිදී වඳුරන් ,රිලුන්, දඩු ලේනුන් හා මොණරුන් සංඛ්‍යාව හඳුනාගැනීමට අපේක්ෂා කෙරේ.
පත්‍රිකාවල තොරතුරු සටහන් කිරීමේදී අතිශෝක්තියෙන් සටහන් නොකර, නිරවද්‍ය තොරතුරු පමණක් ලබා දෙන ලෙස කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ කෘෂි සංවර්ධන අංශයේ අධ්‍යක්ෂ තුසිත නන්ද ජාසිංහආරච්චි මහතා පවසයි. ඊයේ(15) කොළඹ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
විනාඩි පහක කාලය තුළ ඉතාම සාධාරණව නිවැරදි දත්ත ලබා දීම සමස්ත ප්‍රජාවගෙන් අපේක්ෂා කරන බව ඒ මහතා සඳහන් කරයි. එමෙන්ම අදාළ දත්ත පදනම් කරගෙන අධි අවදානම් කලාප, අවදානම් කලාප සහ අඩු අවදානම් කලාප වර්ගීකරණයක් සිදු කර අවශ්‍ය ඉදිරි පියවර ගන්නා බව ද ඒ් මහතා සදහන් කළේය.
මෙම සමීක්ෂණ පත්‍රිකා ග්‍රාම නිලධාරීන් විසින් වසම් මට්ටමින් සාරාංශ වාර්තාව සමඟ මෙම මස 24 දිනට පෙර ප්‍රාදේශීය ලේකම් වෙත භාර දීමෙන් අනතුරුව දිස්ත්‍රික් ලේකම් විසින් 26 දිනට පෙර ලබාදිය යුතු බවද, ඒ අනුව මාර්තු මස 28 වනවිට මෙම දත්ත කෘෂිකර්ම අමාත්‍යාංශය ලබා දිය යුතු බවද සිහිපත් කළේය.
මෙම අවස්ථාවට එක්වෙමින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අතිරේක කෘෂිකර්ම අධ්‍යක්ෂ(සංවර්ධන) ජි.ජී.වී.ශ්‍යාමලී මහත්මිය සඳහන් කළේ, විශාල භූමි ප්‍රදේශ, පොදු ස්ථාන, පූජනීය ස්ථානවලට පැමිණෙන වන සතුන් පිළිබඳව සටහන් තබා ගැනීමට දිස්ත්‍රික් ලේකම්වරුන් සම්බන්ධ කර ගනිමින් සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේත් සහය ඇතිව විශේෂ වැඩපිළිවෙලක් යොදා ඇති බවයි.
වැඩිදුරටත් අදහස් දක්වමින් එතුමිය, මේ වනවිට සත්ව සංගණනයට අදාළව මුද්‍රණය කළ පත්‍රිකා බොහොමයක් නිවෙස් වෙත බෙදා අවසන් බවත් මෙම ජාතික කර්තව්‍යය සඳහා ප්‍රජාවගේ දායකත්වය ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියාය.
මෙම වැඩසටහන ප්‍රධාන වශයෙන්ම අධීක්ෂණය කරනු ලබන්නේ ප්‍රාදේශීය ලේකම්වරුන් මඟින් බවත්, ප්‍රදේශය පිළිබඳ මනා අවබෝධයක් ඇත්තේ ඔවුන්ට බවත් කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේ කෘෂි ව්‍යාපාර අංශයේ අධ්‍යක්ෂ අජිත් පුෂ්පකුමාර මහතා සඳහන් කළේය.
දැනට ලැබෙන තොරතුරු අනුව අදාළ පත්‍රිකා 95%ක් පමණ බෙදා අවසන් බවත්, යම්කිසි ලෙසකින් පත්‍රිකා තම නිවස වෙත නොලැබුනොතින් තමන් විසින්ම සකසා ගත් පත්‍රිකාවක මෙම තොරතුරු සටහන් කර ග්‍රාම නිලධාරීයාට, ආර්ථික සංවර්ධන නිලධාරියාට, කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරියාට හෝ සමෘද්ධි සංවර්ධන නිලධාරියාට ලබා දෙන ලෙස කමිටු නිලධාරීන් ජනතාව වෙතින් ඉල්ලා සිටියි.