මෙරට ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ උප සභාපතිගේ අවධානය

මෙරට ආයෝජන අවස්ථා සම්බන්ධයෙන් ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ උප සභාපතිගේ අවධානය
  • SocialShare:

ව්‍යවසාය හා ආයෝජන කවුන්සිලයේ උපසභාපති Lord Swire  සහ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය අතර හමුවක් පෙබරවාරි 22 දින පාර්ලිමේන්තුවේදී සිදුවිය.

මෙහිදී ශ්‍රී ලංකාව තුළ ආයෝජනය සඳහා ඇති අවස්ථා පිළිබඳව අවධානය යොමු වූ අතර මෝටර් රථ නිෂ්පාදනය හා එකලස් කිරීම, බලශක්ති ක්ෂේත්‍රය, ධීවර බෝට්ටු නිෂ්පාදනය ආදී බොහෝ ක්ෂේත්‍රවල ආයෝජනයන් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.

ඉදිරිපත් කර ඇති 2025 වර්ෂයේ අයවැය මගින් කර්මාන්ත හා ව්‍යවසායකයින් නගා සිටුවීමට හා ආරක්ෂා කිරීමට  දැඩි අවධානයක් යොමු කර ඇති බව අග්‍රාමාත්‍යතුමිය අවධාරණය කළාය.

මෙම අවස්ථාවට කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා, ව්‍යවසාය සහ ආයෝජන කවුන්සිලයේ සාමාජික Mrs. Pamela Anne O' Leary,ව්‍යවසාය සහ ආයෝජන කවුන්සිලයේ ශ්‍රී ලාංකික සාමාජික නිමාලී ද සොයිසා, එම සංගමයේ  මෙරට අධ්‍යක්ෂ  දේශාන් ක්‍රිස්ටෝපර් ජයවර්ධන යන මහත්ම මහත්මීන් සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.