කිසිදු අයවැයකදී අවධානය යොමු නොවූ කාණ්ඩවලට ප්‍රතිලාභ ලබාදීමට හැකිවීම මෙම අයවැයේ විශේෂත්වයයි

කිසිදු අයවැයකදී අවධානය යොමු නොවූ කාණ්ඩවලට ප්‍රතිලාභ ලබාදීමට හැකිවීම  මෙම අයවැයේ විශේෂත්වයයි
  • SocialShare:

කිසිදු අයවැයකදී අවධානය යොමු නොවූ  අබාධිත ,වෙනම නිවාස වල ජීවත්වන සහ ඔටිසම් වැනි උවදුරුවලට ගොදුරු වූ කාණ්ඩවලට ප්‍රතිලාභ ලබාදීමට හැකිවීම  මෙවර අයවැයේ විශේෂත්වය බව  කම්කරු හා ආර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු මහතා පැවසීය. අද(20) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී 2025 අයවැය සම්බන්ධයෙන් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, අස්වැසුම ඇතුළු තවත් තෝරා ගත් ක්ෂේත්‍රවලට ප්‍රතිලාභ ලබා දීමට මෙවර අයවැයෙන් අවධානය යොමු වූ බවත්, අබාධිත ,වෙනම නිවාස වල ජීවත්වන  සහ ඔටිසම් වැනි  රෝගවලට ගොදුරු වූ සියලු දෙනා වෙනුවෙන් වූ වැඩපිිළිවෙලක් මෙම අයවැයේ ක්‍රියාත්මක වන බවයි.

කිසිදු අයවැයකදී අවධානය යොමු නොවුණු කාණ්ඩවලට ප්‍රතිලාභ දීමට මෙවර අයවැයේදී හැකිවුණු බව පැවසීය.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙසේ පැවසීය,

මෙම අර්බුදයෙන් ඉස්සරහට යාමට නම්  අපි නිෂ්පාදනයෙන් ඉදිරියට යන්න ඕන.  ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම්, ආයෝජකයන් ගෙන ඒම, වැනි කාරණ ඉලක්ක කරගෙන ප්‍රතිපාදන වෙන් කරනවා. ඒ වගේම එම නිෂ්පාදන ක්‍රියාවලියට මහජනතාව සම්බන්ධ කරගන්න ඕන.  අද ඉන්නේ ජීවිතේ පවත්වාගෙන යාම අපහසු මට්ටමක් නිසා ඔවුන්ගේ විෂ්වාසය ගොඩ නැගීමට සහ මූලික වියදම් පවත්වාගෙන යාමට ආදායමක් ගොඩනැගීමට සහ එම ආදායමෙන් රටේ සමස්ථ ඉල්ලුම වැඩිකරන ආකාරයේ ක්‍රියාමාර්ග ගන්නවා.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.