අපි ඉදිරිපත් කරන අයවැය දුප්පතුන් වෙනුවෙන් වන අයවැයක් -අගමැති හරිනි යාපනයේදී කියයි

 අපි ඉදිරිපත් කරන අයවැය දුප්පතුන් වෙනුවෙන් වන අයවැයක්   -අගමැති  හරිනි  යාපනයේදී කියයි
  • SocialShare:

ඉදිරියේදී පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 50%ක් විය යුතු බවත්, යාපනය ප්‍රදේශයෙන් කාන්තාවක් පාර්ලිමේන්තු යවන්න සූදානම් වන ලෙසත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

යාපනය මාන්පායි ප්‍රදේශයේ  ඊයේ(15) පැවති ජනහමුවක් අමතමින් අග්‍රාමාත්‍යවරිය මේ බව සඳහන් කළාය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරමූරිය,

2024 වසර මේ රටේ ජනතාවට තීරණාත්මක වසරක්, අවස්ථා දෙකකදී මේ රටේ ඉතිහාසය වෙනස් කරන්න ජනතාව එකතු වුණා. පළමු අවස්ථාවේ මේ රටේ ගොවි ජනතාවගෙන් බිහි වුණ කෙනෙක් රටේ ජනාධිපති කළා. ඊට මාස කිහිපයකට පස්සේ ඔබ පාර්ලිමේන්තුව වෙනස් කළා.

ඒ නිසයි අස පාර්ලිමේන්තුවේ දේශපාලන පවුල් පසුබිම් නැති, සාමාන්‍ය ජනතාවගෙන් පත් වුණ, සෑම ජන කොටසක්ම නියෝජනය වන, විවිධ වෘත්තීන්වල පිරිසක් ආණ්ඩු පක්ෂයේ ඉන්නේ.

ඔබ ජාතික ජනබල⁣ වේගයට ඡන්දය දුන්නේ හොදට කල්පනා කරලා අපි ගැන විශ්වාසය තියලා. ඒ විශ්වාසය ආරක්ෂා කරමින්, ජනතාව බලාපොරොත්තු වූ වෙනස රට තුළ ඇති කරන්න අපිට විශාල වගකීමක් තිබෙනවා. ඒ වෙනුවෙන් මේ රජය කැප වෙනවා. අපි වගකියන්නේ මේ රටේ ජනතාවට.

රටතුළ කාන්තාවන්ට නිදහසේ ගමන් කරන්න ආරක්ෂාවක් තිබිය යුතුයි. විශ්වාසයක් ඇති විය යුතුයි. ඒ තත්වය ඇති කරන්න අපි කටයුතු කරනවා.

ඉතිහාසයේ පළමු වතාවට පාර්ලිමේන්තුවේ වැඩිම කාන්තා නියෝජනය මෙවර පාර්ලිමේන්තුවේ ඉන්නේ. ඒ මන්ත්‍රීවරියන් 22ක්. එයින් 20ක්ම ජාතික ජන බල වේගයේන්. පාර්ලිමේන්තුවේ කාන්තා නියෝජනය 50%ක් විය යුතුයි. යාපන⁣ය දිස්ත්‍රීක්කයෙන් මන්ත්‍රිවරියක් පාර්ලිමේන්තුව නියෝජනය කරවන්න ලෑස්තිවෙන්න.

ජනතාවගේ ආර්ථික තත්වය නගා සිටුවන්න රජය කටයුතු කරමින් යන බවත්, ඒ වෙනුවෙන් ව්‍යවසායකයින් රට පුරා බිහි කිරීමට රජය කටයුතු කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.