අදත් වැසි රහිත කාලගුණයක්

අදත් වැසි රහිත කාලගුණයක්
  • SocialShare:

ඌව පළාතෙත් මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හැකිබව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී.

උතුරු, උතුරු-මැද පළාත්වලත් ත්‍රීකුණාමලය දිස්ත්‍රික්කයේත් හිමිදිරි උදෑසන කාලයේදී ශීතකාලගුණ තත්ත්වයක් අපේක්ෂා කළ හැක.

බස්නාහිර,සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් බදුල්ල දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.