නවීකරණය කළ යාපනය, කෝපායි ගුරු විද්‍යාලයේ පුස්තකාලය විවෘත කරේ

නවීකරණය කළ යාපනය, කෝපායි ගුරු විද්‍යාලයේ පුස්තකාලය විවෘත කරේ
  • SocialShare:

යාපනය , කෝපායි ගුරු විද්‍යාලයේ පුස්තකාලය නවීකරණය කර විවෘත කිරීමේ උත්සවය ජනවාරි 15 දින  අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

1923 වර්ශයේදී රජයේ ගුරු පුහුණු විද්‍යාලය ලෙස ආරම්භ කරන ලද මෙම විද්‍යාලය 2023  වසරේදී වසර 100 සැපිරුණි. 

මෙහිදී සභාව ඇමතූ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය,

"අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලදී ගුරුවරුන් යනු ඉතා වැදගත් සාධකයක්. අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ගුරුවරුන් සහ ළමුන් අතර තියෙන ගුණාත්මක සහ ශක්තිමත් සම්බන්ධතාවයක් විය යුතුයි. විදුහල්පතිවරුන් ගුරුවරුන් සහ අධ්‍යාපන පරිපාලන නිලධාරීන් සියලු දෙනාගේම ශක්තියෙන් මෙම වෙනස සිදුවිය යුතුයි.

අපේ රජය යටතේ ගුරු අධ්‍යාපනය වෙනුවෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. ගුරු පුහුණු ක්‍රියාවලිය  විධිමත් කර ධාරිතාව වැඩි කල යුතුයි. මේ කාර්යයන් මැනවින් ඉටුකර ගැනීම සඳහා අධ්‍යාපන කවුන්සිලයක් හඳුන්වා දෙන්නත් අපි බලාපොරොත්තුවෙන් ඉන්නවා.   එමගින් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගුණාත්මකභාවය වැඩි කිරීමට සහ  කළමනාකරණය සිදු කරන්න පුලුවන්. ඉදිරි අයවැය මගින් රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩි කරන්න අපි බලාපොරොත්තුව වෙනවා. ඒක ඔබලාට සතුටුදායක ආරංචියක් වේවී. "

මෙහිදී අග්‍රාමාත්‍යවරිය කෝපායි ගුරු විද්‍යාලයේ විශේෂ අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සටහනක් ද තැබුවාය.

මෙම අවස්ථාවට  ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර්, අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව යන මහත්වරුන් කෝපායි ගුරු විද්‍යාලයේ නිලධාරීන් පිරිසක් සහභාගී වූහ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.