එක මිටට - ගොවි බිමට ජාතික වැඩසටහනට සමගාමීව වැඩසටහන් රැසක්

එක මිටට - ගොවි බිමට ජාතික වැඩසටහනට සමගාමීව වැඩසටහන් රැසක්
  • SocialShare:

මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරිම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් රට තුළ පවත්වාගෙන යාම සහ වගා නොකරන සියලුම කුඹුරු සහ ගොඩ ඉඩම් වගා කරවීමට ගොවි ජනතාවදැනුවත් කිරීම සඳහා වන එක මිටට - ගොවි බිමට ජාතික වැඩසටහනේ කලුතර දිස්ත්‍රික් සමාරම්භක උත්සවය ඊයේ (15) කලුතරදී, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. මෙහි ජාතික වැඩසටහන, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(15) පොල්ගහවෙලදී ආරම්භ විය.
මෙම වැඩසටහන යටතේ වගාකර නොමැති කුඹුරු සහ ගොඩ ඉඩම් කාර්යක්ෂමව කඩිනමින් වගා කිරීමත්, දැනට වගා කටයුතු වල නිරත පිරිස් උදෙසා වැඩි දුර දැනුම සහ වගා කටයුතු සදහා අවශ්‍ය පොහොර ඇතුලු අනකුත් අත්‍යවශ්‍ය දේ සපයා දීමත් සිදු කිරීමට නියමිතය. දැනට වගා කටයුතු වල නිරත ගොවීන්ගේ වගාවන් නිරීක්ෂණයට ද අමාත්‍යවරයා එක්විය.
මෙම වැඩසටහන ගොවිජන සංවර්ධන දෙපාර්තුමේන්තුව , කෘෂිකර්ම පශූ සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය සහ කලුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය එක්ව සංවිධානය කරනු ලැබීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.