මෙරට ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරිම සඳහා අඛණ්ඩව ආහාර සංචිතයක් රට තුළ පවත්වාගෙන යාම සහ රට තුළකෘෂිකාර්මික භෝග නිෂ්පාදන මට්ටම ඉහළ නැංවීම සඳහා වග නොකරන සියලුම කුඹුරු සහ ගොඩ ඉඩම් වගා කරවීමට ගොවි ජනතාවදැනුවත් කිරීම සඳහා වන එක මිටට - ගොවි බිමට ජාතික වැඩසටහන, කෘෂිකර්ම හා පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අද(15) ආරම්භ විය.
පොල්ගහවෙල හොදැල්ල ජයසුන්දරාරාම පුරාණ විහාරය ඉදිරිපට කුඹුරු යායේදී මෙම ජාතික වැඩසටහන ආරම්භ විය.
මෙම වැඩසටහන දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි ගොවිජන සේවා බල ප්‍රදේශ 566ක් තුළ ක්‍රියාත්මක කෙරේ.