දශක 4 කට අධික කාලයක් සිය ජාතික මෙහෙවර නොපිරිහෙලා ඉටු කරමින් සිටින ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ 43 වැනි සංවත්සරය අදට යෙදී තිබේ.
පාර්ලිමේන්තු පනතක් මගින් ස්ථාපනය කෙරුණු ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ විකාශ ආරම්භ කෙරුණේ, 1982 පෙබරවාරි 15 වැනි දිනයි. මෙය, ජපාන රජයේ පරිත්‍යාගයකි.
මෙරට රූපවාහිනී ක්‍ෂේත්‍රයේ පුරෝගාමියා වෙමින් ඒ සඳහා උසස් ප්‍රමිතියක් සහ කලාත්මක පරිසමාප්තියක් හඳුන්වා දුන්නේ, ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවයි.
මෙරට නිල විද්‍යුත් සන්නිවේදකයා ලෙස සමාජ ප්‍රගමනය උදෙසා පැවරෙන සියලු වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමට රූපවාහිනී සංස්ථාව නිරන්තරයෙන් කැප වී සිටිනවා.
ප්‍රේක්ෂකයන්ගේ ඉහළ රසඥතාව වෙනුවෙන් ජාතික රූපවාහිනිය, චැනල් අයි, නේත්‍රා යන නාලිකා 3 ක් ඔස්සේ වැඩසටහන් විකාශය කෙරේ.
සිංහල, දෙමළ, ඉංග්‍රීසි, භාෂා ත්‍රිත්වයෙන්ම වැඩසටහන් නිෂ්පාදනය කරන ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව විශේෂයෙන්, මෙරට ජාතික හා ජාත්‍යන්තර සජීව විකාශයන්වලද එදා මෙන්ම අදත්, නියමුවා සහ ප්‍රමුඛයායි.