Thu, Jul 23, 2026

ජනපති රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමුවෙයි

ජනපති රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමුවෙයි
  • SocialShare:

2025 ලෝක රාජ්‍ය සමුළුවට සහභාගි වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක ඊයේ (11) එම සමුළුවට සමගාමීව රාජ්‍ය නායකයන් කිහිප දෙනෙකු හමු වී තිබේ.

එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ෂබාස් ෂරීෆ් අතර හමුවක් ඊයේ (11) සිදු විය.

ශ්‍රී ලංකාවේ දේශපාලනය තුළ ආණ්ඩුව ලැබූ දැවැත්න ජයග්‍රහණය සම්බන්ධයෙන් මෙහිදී පාකිස්තාන අගමැති ෂබාස් ෂරීෆ් මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සුබපැතුම් එක් කළේය.

මේ අතර බ්‍රිතාන්‍ය හිටපු අග්‍රාමාත්‍ය ටෝනි බ්ලෙයාර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක අතර හමුවක් ද පවත්වා ඇත.

එහිදී විවිධ ක්ෂේත්‍ර සම්බන්ධයෙන් එක්සත් රාජධානියේ විශේෂඥ දැනුම හා පුහුණුව ශ්‍රී ලංකාවට ලබාගැනීමට ඇති හැකියාව ටෝනි බ්ලෙයාර් පෙන්වා දී තිබේ.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක ඩව් ජෝන්ස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා වන අල්මාර් ලැටූර් මහතාව ද හමුවී ඇත.