නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදයි
  • SocialShare:

නවම් පුර පසළොස්වක පොහොය දිනය අදට (12) යෙදී තිබේ.

බුදුරජාණන් වහන්සේගේ ප්‍රථම සංඝ සම්මේලනය පවත්වා සැරියුත් මුගලන් හිමිවරුන්ට අගසව් තනතුර පිරිනැමීම අද වැනි පොහොය දිනක සිදුවූ බව බෞද්ධ ඉතිහාසයේ දැක්වේ.

ඕවාද ප්‍රාතිමෝක්ෂය දේශනා කිරීම ද සිදුව ඇත්තේ අද වැනි නවම් පොහොය දිනකය.
එමෙන්ම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමට තුන් මසකට පෙර ආයු සංස්කාරය අත්හැරීම සිදුවූයේත් අද වැනි නවම් පුන් පොහෝ දිනකයි

නවම් පොහොය නිමිත්තෙන් අද දිනයේ දිවයින පුරා වෙහෙර විහාරවල ආගමික වැඩසටහන් රැසක් සංවිධානය කර තිබේ.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.