නාවික හමුදාධිපති හා ජනපති අතර නිල හමුවක්

නාවික හමුදාධිපති හා ජනපති අතර නිල හමුවක්
  • SocialShare:

නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් කාන්චන බානගොඩ මහතා සහ ජනාධිපතිවරයා අතර ප්‍රථම නිල හමුව ඊයේ (06) ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්විණි.

නාවික හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව සිදු කෙ‍රුණු මෙම නිල හමුවීමේදී, නාවික හමුදාවේ 26 වැනි නාවික හමුදාධිපති ලෙස පත්වීම ලද බානගොඩ මහතා වෙත ජනාධිපතිවරයා සිය සුබපැතුම් පිරිනමන ලදි.
තවද මෙම නිල හමුවීම සනිටුහන් කරමින්, නාවික හමුදාධිපති ජනාධිපතිවරයා වෙත සමරු තිළිණයක් පිරිනැමීමද එහිදී සිදු කෙරිණි.