කථානායකවරයා සර්වාගමික නායකයින් බැහැ දැක ආශීර්වාද ලබාගනී

කථානායකවරයා සර්වාගමික නායකයින් බැහැ දැක ආශීර්වාද ලබාගනී

කථානායක, (වෛද්‍ය) ජගත් වික්‍රමරත්න මහතා පසුගියදා (04) ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව වෙත ගොස්, දළදා වහන්සේ වන්දනාමාන කර ආශිර්වාද ලබා ගත්තේය. මේ අවස්ථාවට දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතාද එක්ව සිටියේය.

අනතුරුව මල්වතු මහා විහාරයට පැමිණි කථානායකවරයා මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමිපාණන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තේය. ඉන් අනතුරුව කථානායකවරයා මහනුවර ශ්‍රී සෙල්ව විනායගර් කෝවිලට ගොස් ආශීර්වාද ලබා ගත්තේය.
මේ අතර ඊයේ (05) කථානායකවරයා දෙවටගහ මුස්ලිම් දේවස්ථානයේදී ද ආගමික නායකයන් හමුවී ආශීර්වාද ලබාගත් අතර පසුව, කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, අගරදගුරු නිවසේදී හමුවී ආශීර්වාද ලබාගත්තේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.