වසර 11කට පසු ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සදහාත් බඳවා ගැනේ.
පරිපූරක වෛද්‍ය සේවාවේ තනතුරු හතරක් ආවරණය වන පරිදි 179 දෙනෙක් අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාව සඳහා බඳවා ගැනීමේ ලිපි ප්‍රදානය කිරීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් ලබන බදාදා (2025.05.28) පෙරවරුවේ ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේ දී සිදු කිරීමට නියමිතය.
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුර සදහා (MLT) 41, විකිරණ ශිල්පි තනතුර සදහා 74, භෞත චිකිත්සක තනතුර සදහා 53 සහ ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සදහා 11 දෙනෙකු ලෙස බඳවා ගැනීම් සිදුකිරීමට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සැලසුම් කර ඇති අතර ඒ අනුව 179 ක් පළමු අදියර යටතේ මෙදින බඳවා ගනු ලැබීමට නියමිතය.
ශ්‍රවණවේදී කාර්මික ශිල්පි තනතුර සදහා වසර 11 කට පසු මෙම බඳවා ගැනීම සිදුවීම විශේෂත්වය කි. එම තනතුර සඳහා අවසන් වරට බඳවා ගැනීම සිදුකර ඇත්තේ 2014 වර්ෂයේ දී ය. එමෙන් ම භෞත චිකිත්සක තනතුර සදහා අවසන් වරට 2020 වර්ෂයේ ද, වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුර සදහා 2023 වර්ෂයෙන් පසු ද මෙතෙක් බඳවා ගැනීමක් සිදුකර නොතිබිණි.
වෛද්‍ය කර්මය සඳහා වු පරිපුරක වෘත්තීන්ගේ සේවාවට අයත් වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක යන තනතුරු වල අනුස්ථාපන හා සමායෝජන පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම සඳහා පසුගිය දා පැවැත් වු තරඟ විභාගයෙන් සුදුසුකම් ලැබු අපේක්ෂකයින් මෙලෙස අදාළ පාඨමාලාව සඳහා බඳවා ගැනීම සිදු කරන අතර එම පුරප්පාඩු පිරවීමෙන් අනතුරුව රසායනාගාර කාර්මික විද්‍යාඥ තනතුරට (MLT) අදාළව බඳවා ගැනීමට තවත් පුරප්පාඩු 245 ක ප්‍රමාණයක් සහ භෞත චිකිත්සක තනතුර සඳහා බඳවා ගැනීමට තවත් පුරප්පාඩු 144 ක ප්‍රමාණයක් සඳහා අනුමැතිය මේ වන විටත් ලැබී ඇති බව ද සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) II චාමික එච්. ගමගේ මහතා මේ බඳවා ගැනීම් සම්බන්ධව අදහස් දක්වමින් පැවසීය.