සංචාරකයන් ලක්ෂ 15ක් දිවයිනට පැමිණ තිබෙනවා - සංචාරක අමාත්‍ය

සංචාරකයන් ලක්ෂ 15ක් දිවයිනට පැමිණ තිබෙනවා - සංචාරක අමාත්‍ය
  • SocialShare:

මෙම වසරේ අගෝස්තු මස 18 වැනිදා දක්වා සංචාරකයින් ලක්ෂ 15ක් දිවයිනට පැමිණ ඇති බව අමාත්‍යංශය විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා තහවුරු කරයි.

සිය නිල එක්ස් ගිණුමේ (X) සටහනක් තබමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කර තිබේ.
එසේම මෙම කඩඉම පසු කිරීමට දායක වූ සංචාරක ක්ෂේත්‍රයේ සියලුම පාර්ශ්වකරුවන්ට සහ සංචාරකයන්ට අමාත්‍යවරයා සිය ස්තූතිය පළ කර ඇත.
මීට අමතරව අගෝස්තු මාසයේ පළමු දින 18 තුළ පමණක් සංචාරකයන් 130,000 ඉක්මවා මෙරටට පැමිණ ඇති අතර පිළිවෙලින් ඉන්දීය, බ්‍රිතාන්‍යය, රැසියානු, ජර්මානු සහ චීන ජාතිකයින් ඉදිරියෙන් සිිටී.