උතුරු නැගෙනහිර හර්තාල් අසාර්ථකයි - ජන ජීවිතය සාමාන්‍ය පරිදි

උතුරු නැගෙනහිර හර්තාල් අසාර්ථකයි - ජන ජීවිතය සාමාන්‍ය පරිදි
  • SocialShare:

අද(18) දිනයේ උතුරු නැගෙනහිර ප්‍රදේශවල සංවිධානය කර තිබූ හර්තාල් අසාර්ථක බවත් ජන ජීවිතය සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව වාර්තා වේ.

අම්පාර දිස්ත්‍රික්කයේ කටයුතුද ඉතා සාමකාමී බවත් හර්තාල් හෝ එවැනි සිදුවීම් කිසිවක් මෙතෙක් වාර්තා වී නැතැයිද  දිස්ත්‍රික් ලේකම් චින්තක අබේවික්‍රම මහතා පැවසීය

මුලතිව්, මුත්තයාන්කට්ටු ප්‍රදේශයේ දී තරුණයෙක් මියයාමේ සිද්ධියක් සම්බන්ධව ,උතුරු නැගෙනහිර දේශපාලන පක්ෂ කිහිපයක් විසින් මෙම හර්තාල් සංවිධානය කරන බවට පසුගිය දින කිහිපයේදී වාර්තා විය.

සුපුරුදු පරිදි වෙළෙඳසැල් සහ පාසැල් විවෘත කර ඇති බවත්,  රජයේ කාර්යාලවල සාමාන්‍ය පරිදි කටයුතු සිදුවෙන බවත්, ජනතාව සුපුරුදු පරිදි දෛනික කටයුතුවල නිරතවන බවද දිස්ත්‍රික් ලේකම්වරයා වැඩිදුරටත්  සඳහන් කළේය.