2026 දෙවන පාසල් වාරය අදින් අවසන්

2026  දෙවන පාසල් වාරය අදින් අවසන්
  • SocialShare:

2026 වර්ෂය සඳහා රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල්වල දෙවන පාසල් වාරය අද (24) අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව, තෙවන පාසල් වාරයේ පළමු අදියර 2026 ජූලි 27 වන සඳුදා ආරම්භ කිරීමට නියමිතය. මේ අතර, මුස්ලිම් පාසල් සඳහා දෙවන පාසල් වාරය ජූලි 31 වන සිකුරාදා අවසන් වන අතර, තෙවන පාසල් වාරයේ පළමු අදියර අගෝස්තු 3 වන සඳුදා ආරම්භ වන බවද අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි