ශ්‍රී ලංකාව සඳහා වන ඇමෙරිකානු තීරුබදු 10% දක්වා පහත දැමේ

ශ්‍රී ලංකාව සඳහා වන ඇමෙරිකානු තීරුබදු 10% දක්වා පහත දැමේ
  • SocialShare:

අමෙරිකාව අද (24) සිට ක්‍රියාත්මක කරන නව ආනයන තීරුබදු ප්‍රතිපත්තිය යටතේ ශ්‍රී ලංකාවට 10%ක ආනයන තීරුබද්දක් පනවා ඇති බව එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය (USTR) නිවේදනය කර ඇත.

එම නිවේදනයට අනුව, ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 17කට 10%ක බදු අනුපාතයක් පනවා ඇති අතර, චීනය, වියට්නාමය, දකුණු කොරියාව, සිංගප්පූරුව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු තවත් රටවල් රැසකට 12.5%ක ආනයන තීරුබද්දක් අදාළ වේ.

තරඟකාරී රටවල් රැසකට වඩා අඩු බදු අනුපාතයක් ශ්‍රී ලංකාවට හිමිවීම හේතුවෙන් මෙරට අපනයන සඳහා සාපේක්ෂ වාසිදායක තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

එමෙන්ම, බලහත්කාර ශ්‍රමයෙන් නිපදවන භාණ්ඩ ආනයනය සීමා කිරීමේ නීති ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව ගෙන ඇති පියවර සැලකිල්ලට ගනිමින් මෙම අඩු තීරුබදු අනුපාතය හිමිව ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.