කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් දින දෙකකට අත්හිටුවයි

කම්කරු දෙපාර්තමේන්තුවේ මහජන සේවාවන් දින දෙකකට අත්හිටුවයි
  • SocialShare:

කම්කරු දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියේ සිදු කරන අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් ජූලි මස 30,31දෙදින ප්‍රධාන කාර්යාලය සහ සියලුම කලාප,දිස්ත්‍රික් සහ උප කම්කරු කාර්යාලවල සේවක අර්ථ සාධක අරමුදල් දත්ත පද්ධතිය හා Digital EPF පද්ධතිය ආශ්‍රිතව කෙරෙන ප්‍රතිලාභ ගෙවීම් සහ ලියාපදිංචි කිරීම් ඇතුලු මහජන සේවාවන් ක්‍රියාත්මක නොවන බව එම දෙපාර්තමේන්තුව මහජනතාවට දැනුම් දෙයි.

එසේම එම දිනයන්හි සේවාවන් ලබා ගැනීම සදහා පෙර වෙලාව වෙන් කරගත් සියලුදෙනාට මාසයක් තුළ වෙනත් ඕනෑම කාර්යල දිනයක අදාළ කම්කරු කාර්යාලය වෙත පැමිණ නියමිත සේවාව ලබා ගැනීමට හැකියාව ඇති බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.