ඉඩම් හිමිකම් බලපත්‍ර හා ඔප්පු ලබා දීමේ “හිමිකම “ ජාතික වැඩසටහන අගෝස්තු මස 13 වනදා පෙරවරු 9.00 ට කිලිනොච්චි දිස්ත්‍රික්කයේ , පලෙයි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පලෙයි මධ්‍ය මහා විද්‍යාල ශාලාවේදී කෘෂිකර්ම පශු සම්පත් ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී.ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පවසයි.
නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ, ඉඩම් හිමිකම් ඔප්පු ප්‍රදානය පිළිබදව අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය සාකච්ඡාවේදී ය.
මෙම වසරේදී ඉඩම් සඳහා හිමිකම බලපත්‍ර හා ඔප්පු 50000 ක් ලබා දීමට බලාපොරොත්තු වන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසීය.
මෙම වැඩසටහන මෙම වසරට පමණක් සීමා නොවී ඉදිරි වසරවලදී ද කඩිනමින් තමන් පදිංචි ඉඩමට , තමන් වගා කළ ඉඩමට , ව්‍යාපාර පවත්වන ඉඩමට හා ආයෝජන පවත්වන ඉඩමට හිමිකම ලබා දීමට ක්‍රියාත්මක කරන බව නියෝජ්‍ය අමාත්‍යවරයා පැවසුවේය.
එමෙන්ම ඉඩමට හිමිකමක් ලබා දීමට වෙන් වූ ආයතන ලෙස ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුව , ශ්‍රි ලංකා මහවැලි අධිකාරිය , ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව යන ආයතන ඇති බව වැඩි දුරටත් සඳහන් කළේය.


