රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි - කැබිනට් ප්‍රකාශක

රාජ්‍ය සේවක වැටුප් වැඩිවීම අප්‍රේල් මස 10වැනි දින සිට ක්‍රියාත්මකයි - කැබිනට් ප්‍රකාශක
  • SocialShare:

2025 අයවැය මගින් රාජ්‍ය සේවයේ වැටුප් සංශෝධනය කිරීම සඳහා අප්‍රේල් මස 01 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධිත වැටුප් පරිමාණයට අනුව වැටුප් ගෙවීම සඳහා වන විධිවිධාන ඇතුළත්  චක්‍රලේඛ සහ උපදෙස් නිකුත් කර ඇති බවත්, මේ සඳහා රජය රුපියල් බිලියන 110ක මුදලක් වෙන් කර ඇති බවත් කැබිනට් ප්‍රකාශක, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති කැබිනට්  තීරණ  දැනුම්දීමේ මාධ්‍ය සාකචඡාවට එක් වෙමිනි.

මෙම වැටුප් සංශෝධනවලට අදාලව රාජ්‍ය ආයතන මේ වනවිට වැටුප් සංශෝධන සිදු කරමින් පවතින බව සඳහන්කළ අමාත්‍යවරයා එළඹෙන අප්‍රේල් මස 10 වැනි දින, සියලුම රාජ්‍ය සේවකයින්ට සංශෝධිත වැටුප ලබා දීමට කටයුතු කරන බවද අවධාරණය කළේය.

එසේම තවත් මාස 18කදී වැඩි කරන ලද වැටුප් ගෙවීමට පමණක් මහා භාණ්ඩාගාරය රුපියල් බිලියන 330ක් වැය කරන බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

රාජ්‍ය සේවක වැටුප් වැඩිකිරීම සම්බන්ධයෙන් රජය පාර්ශ්වයෙන් අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග ගෙන ඇති බව සඳහන් කළ අමාත්‍යවරයා, ආයතනවලට සිය වැටුප් සංශෝධනයන් මෙම දවස් 15 ක කාලසීමාව තුළදී සංශෝධනය කළ හැකි බව වැඩිදුරටත් පැවසීය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.