විදේශ සේවයට පුද්ගලයන් පත් කිරීමේදී, හිතවත්කම් මත පදනම්ව එම පත්වීම් සිදුනොකරන බව කැබිනට් ප්‍රකාශක , සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව පවසා සිටියේ , අද (26) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක් වෙමිනි.
රාජ්‍ය සේවයෙන් පරිභාහිරව සිදු කරන පත්කිරීම් වලදී, ඒ ඒ පුද්ගලයන්ගේ ඇති දක්ෂතාව හා සහ හැකියාවන් සොයා බලා ඒ අනුව පත්කිරීම් සිදුකරන බවද අමාත්‍යවරයා කීය.
වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා මෙස් පැවසීය,
"හිටපු අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතාගේ සුදුසුකම අගවිනිසුරු වීම නොවෙයි. එතුමාට රට නියෝජනය කිරීමට හැකියාවක් දක්ෂතාවක් තියෙනවා.ඒ තමයි සුදුසුකම. මහින්ද රත්නායක කියන්නේ මාධ්‍ය ක්ෂේත්‍රෙය් සහ සමාජය තුළ හොඳ ක්‍රියාකාරිකයෙක් සහ දක්ෂයෙක්. මොවුන් දෙදෙනා විතරක් නෙමෙයි. රාජ්‍ය තාන්ත්‍රික සේවාවෙන් ඔබ්බට විශ්වවිද්‍යාල ආචාර මහාචාර්යවරුන් , ත්‍රිවිධ හමුදා සේවයේ සිටින දක්ෂ නිලධාරින් මේ තැන් වලට පත් කරනවා.
තමන් ඉටුකරන ලද වෘත්තියේදී පෙන්නුම්කරන දක්ෂතාවයන් අපි හඳුනාගෙන තිබෙනවා. ඔවුන්ට රට නියෝජනය කිරීමේ හැකියාවක් පවතිනවා. ඒ අනුව මිසක්. කිසිඳු ආකාරයක දේශපාලන පත් කිරීම් සිදුකරන්නේ නැහැ.
පසුගිය කාලයේදී විදේශ සේවාවට සිදුකළ බඳවා ගැනීම් පවා නතර කර තිබුණා. එම නිසා මෙම පත්වීම් සිදුකිරීමේ සෑහෙන්න ප්‍රමාදයක් තිබෙනවා. එයත් සැළකිල්ලට ගනිමින් පත්වීම් සිදුකළා. අපේ ඥාතියෙක් ,දුවෙක් , පුතෙක්,මාමෙක් . බෑනෙක් යොදවලා තියනවද කියලා පුළුවන්නම් පෙන්වන්න. මේ සියලු දෙනාම ඔබ දන්නා රාජ්‍ය සේවයේ සිටි අය."