නුවරඑළිය තැපැල් කාර්යාලයේ අයිතිය තැපැල් දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතුයි

නුවරඑළිය තැපැල් කාර්යාලයේ අයිතිය තැපැල් දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතුයි
  • SocialShare:

නුවරඑළිය තැපැල් කාර්යාලයේ අයිතිය තැපැල් දෙපාර්තමේන්තුව සතුව තිබිය යුතු බවට සහ එය තැපැල් කටයුතු වලට පමණක් සීමා නොකර යම් සංචාරක ආකර්ෂණීය ස්ථානයක් බවට පත්කරගත යුතු බවට ආණ්ඩුව තීන්දුවක් ගෙන ඇතැයි  , කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සඳහන් කරයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (26) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ

පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

නුවරඑළිය තැපැල් කාර්යාලය තැපැල් දෙපාර්තමේන්තුවෙන් ගලවා විකිණීමට උත්සාහ කළේ රනිල් වික්‍රමසිංහ හිටපු ජනාධිපතිවරයා බව සිහිපත් කළ අමාත්‍යවරයා තැපැල් සේවාව පවත්වාගෙන යමින් සංචාරක ආකර්ෂණය සඳහා හැකියාව පවතින තැපැල් කාර්යාල ඉතා සීමිත ප්‍රමාණයක් මෙරට පවතින බවද අවධාරණය කළේය.

එම තැපැල් කාර්යාලවල තැපැල් සේවාවත් පවත්වාගෙන යමින් සංචාරක ආකර්ෂණීය ස්ථාන බවට පත්කර ගැනීම සඳහා වන සැලසුමක් ආණ්ඩුවට පවතින බවද සඳහන් කළේය. මෙම තැපැල් කාර්යාල විකිණීමට එරෙහිව නඩුවක් විභාග වෙමින් පවතින බවද මෙය තැපැල් දෙපාර්තමේන්තුව සතුව තබාගනිමින් දියුණු කිරීම තැපැල් දෙපාර්තමේන්තුවේ සහ ආණ්ඩුවේ අභිප්‍රාය බවද අවධාරණය කළේය.

ඒ සඳහා නාගරික සංවර්ධන අධිකාරියේ සහ සංචාරක මණ්ඩලයේ තාක්ෂණික උපදෙස් ලබාගැනීමට සූදානම් බවද වැඩිදුරටත් පැවසුවේය.

Image
Image

අප ගැන

රජයේ නිල පුවත් වෙබ් අඩවිය පවත්වාගෙන යනු ලබන්නේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව මාධ්‍ය ඒකකය මගිනි.