“ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක්” වැඩසටහන හෙට(02) ඇරඹේ

 “ප්‍රජා ශක්ති ගම් දහසක වැඩ දහසක්” වැඩසටහන හෙට(02) ඇරඹේ
  • SocialShare:

“ප්‍රජා ශක්ති” දිළිඳු බව තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරයට සමගාමීව ක්‍රියාත්මක කෙරෙන ගම් දහසක වැඩ දහසක්” ව්‍යාපෘතිය යටතේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි වැඩසටහන් රැසක් හෙට (02) ආරම්භ කරන බව ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතා පවසයි.

මෙම වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීම සඳහා පසුගියදා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

ව්‍යාපෘතියේ සමාරම්භක වැඩසටහන හෙට(02) පෙරවරු 9.00ට ගම්පහ දිස්ත්‍රික්කයේ මහර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේදී පැවැත්වීමට නියමිත අතර, එය ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබලගැන්වීම් අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිල මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරේ.

ප්‍රධාන වැඩසටහනට සමගාමීව දිස්ත්‍රික් මට්ටමේ ප්‍රධාන වැඩසටහන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපතිවරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන අතර, සියලුම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අවම වශයෙන් ව්‍යාපෘති 3ත් 5ත් අතර සංඛ්‍යාවක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබේ.