මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2015 අයවැය

    යුද්ධය අවසන් කළාට පසු ව ජනාධිපතිතුමා උත්සාහ කළේ ජන ජීවිත නගාසිටුවීමට බවත් ඉතිහාසය පුරා අවධානය යොමු නොවූ තාක්ෂණය සඳහාත් මේ අය-වැයෙන් වැඩි අවධානයක් යොමු කර තිබෙන බවත් පරිසර හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අබ්දුල් කාදර් මහතා පවසයි.

    මෙවර අය-වැය මධ්‍යස්ථ මෙන් ම වාර්තාගත වන ඓතිහාසික අය-වැයක් බව වැවිලි කර්මාන්ත සංවර්ධන අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    මේ අය-වැය ලේඛනය ගෝලීය අර්බුදයට විසඳුම් ලබා දෙන්න ඉදිරිපත් කළ අනාගත දැක්මක් ලෙස හැඳින්විය හැකි බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පවසයි.

    සමාජීය හා ප්‍රජාතන්ත්‍රවාදය කැටි වුණු සාර්ථක ජනතාවාදී අය-වැයක් මෙවර ජනාධිපතිතුමා ඉදිරිපත් කළ බව ජාතික උරුමයන් පිළිබඳ අමාත්‍ය ආචාර්ය ජගත් බාලසූරිය මහතා පවසයි.

    පසුගිය වසර කිහිපය තුළ උතුරේ විශාල ආයෝජන අවස්ථාවන් ලබාදී තිබෙන්නේ වත්මන් ආණ්ඩුව බවත් මේ හැමදෙයක්ම සිදු කර තිබෙන්නේ උතුරේ ජනතාවගේ ජීවන තත්ත්වය නංවාලීමට වුවත් මේ සියල්ල දෙමළ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා නොදකින එක කනගාටුවට කරුණක් බවත් ජල සම්පාදන හා ජලාපවහන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

    ඉතා සාර්ථක අය-වැයක් මෙවර ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉදිරිපත් කළ බවත් මෙය මැතිවරණය බලාගෙන ඉදිරිපත් කළ අයවැයක් නොවන බවත් පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ අමාත්‍ය සුමේධා ජී. ජයසේන මහත්මිය පවසයි.

    අද එක්සත් ජාතික පක්ෂයේ කිසිම මන්ත්‍රීවරයකු මේ ආසනවල නැති බවත් පාර්ලිමේන්තුව රැස්වන එකෙන් විපක්ෂය වැඩක් ගන්නේ නැතිනම් පාර්ලිමේන්තුව මාස තුනකට වරක් රැස් වුණොත් හොඳයි කියා මා යෝජනා  කරන බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය දි.මු. ජයරත්න මහතා පවසයි.

    නව රැකියා විශාල ප්‍රමාණයක් මෙවර අය-වැයෙන් නිර්මාණය වී තිබෙන බවත් එජාප රජය කාලේ රාජ්‍ය සේවය කප්පාදු කළ බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

    මෙවර අය-වැය සමාජයේ සෑම ක්ෂේත්‍රයක් ම ආවරණය වන ආකාරයට සකස් කර තිබෙන බවත් පළමු වතාවට ජාතික වශයෙන් මානව සම්පත වර්ධනයට ඉහළ ම ප්‍රමුඛතාවක් ඉන් ලබා දී තිබෙන බවත් මානව සම්පත් පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය ඩිව් ගුණසේකර මහතා ඊයේ (28) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

    මේ අය-වැය විශ්වසනීය අයවැයක් බවත් ඉතිහාසයේ කවදාවත් මෙවැනි අයවැයක් ඉදිරිපත් නොකළ බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya