අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගෝලීය අර්බුදයට විසඳුම් ලබා දෙන අනාගත දැක්මක් සහිත අය-වැයක්

    ඔක්තෝබර් 29, 2014

    මේ අය-වැය ලේඛනය ගෝලීය අර්බුදයට විසඳුම් ලබා දෙන්න ඉදිරිපත් කළ අනාගත දැක්මක් ලෙස හැඳින්විය හැකි බව පුනරුත්ථාපන හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (29) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ සිව්වෙනි දින විවාදයට එක්වෙමිනි.

     

    මේ හරහා නව ආර්ථික සැලැස්මක් ක්‍රියාත්මක කරන්න සහය දිය යුතුයි. ඉතිහාසයේ විවිධ හේතු මත අප බෙදී සිටියා. එහි ප්‍රතිඵලය වශයෙන් ප්‍රචණ්ඩත්වය මතු වුණා. එවැනි ප්‍රචණ්ඩත්වයක් ඇති කිසිම රටක ආර්ථික සමෘද්ධියක් නැහැ. ජාතික අභිලාෂයන් ඉදිරියට ගෙන යාමට නම් සමඟියක් පැවැතිය යුතු බව ඔහු පෙන්වා දුන්නේය.

     

    මේ අයවැය ලේඛනය උතුරු නැගෙනහිරට පමණක් ඉදිරිපත් කළ දෙයක් නො වේ. මෙය මුළු රටට ම ඉදිරිපත් කළ ජාතික අයවැයක්. බටහිර රටවල් ඇතුළේ තවමත් ආර්ථික බිඳවැටීම් තියෙනවා. ඒ තත්ත්වය වළක්වා ගන්න අනාගත අභියෝගයනට අපේ රට මුහුණ දෙන්නේ කෙසේද යන්න පිළිබඳ ඉලක්ක ගත අයවැයක් ලෙස මෙය ජනාධිපතිතුමා ඉදිරිපත් කර ඇති බව ද ඔහු සඳහන් කළේය.

     

    රජයක් ලෙස මෙරට ආදායම සාධාරණ අයුරින් බෙදී යන මූල්‍යෝපායික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළ යුතුයි. රජය ගෙන ගිය වැඩපිළිවෙළ නිසා ගම හා නගරය අතර ඇති දිළිඳු බව අඩු වුණා. කවර බලවේගවලට අප මුහුණ දුන්නත් දේශීය ස්වයංපෝෂිත ආර්ථිකයක් අප ගොඩනැඟුවේ නැත්නම්  දිළිඳු බවට පත් වන බව ද ඔහු පෙන්වා දුන්නේය.

     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya