මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මෙවර අය-වැයෙන් නව රැකියා විශාල ප්‍රමාණයක් නිර්මාණය වී තිබෙනවා

    ඔක්තෝබර් 29, 2014

    නව රැකියා විශාල ප්‍රමාණයක් මෙවර අය-වැයෙන් නිර්මාණය වී තිබෙන බවත් එජාප රජය කාලේ රාජ්‍ය සේවය කප්පාදු කළ බවත් ආපදා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

     

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (28) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි.

     

    අශෝක අබේසිංහ මහතා කියන විදියට ශ්‍රී ලංකාව සාගතයෙන් පෙළෙන රටක්. කන්න අඳින්න ඇඳුමක් ගන්න වත්කමක් නැති ජාතියක් වෙසෙන රටක්. මේවා මොන බොරුද? මෙවර අය-වැය ගැන එක්සත් ජාතික පාක්ෂිකයෙක්ගෙන් ඇහුවත් අය-වැය විවේචනය කරන්නේ නැහැ. මෙවර අය-වැයෙන් සෑම අංශයකටම සහන ලබා දී තිබෙනවා. අය-වැයේ ඇති සාධනීය කරුණු ගැන කිසිම දෙයක් අබේසිංහ මහතා කතා කළේ නැති බව ද ඔහු පෙන්වා දුන්නේය.

     

    සෞඛ්‍ය ක්ෂේත්‍රයට මෙවර අය-වැයෙන් විශාල ආයෝජනයක් සිදු කර තිබෙනවා. මහින්ද රාජපක්ෂ රජය යටතේ ජනතාවගේ ආයු අපේක්ෂාව වැඩි වෙලා. එය සාධනීය ලක්ෂණයක් නෙවේද? අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය, වාරිමාර්ග, යටිතල පහසුකම්, කර්මාන්තශාලා මේ සෑම අංශයකට ම මෙවර අය-වැයෙන් අවධානය යොමු කර තිබෙනවා. පසුගිය කාලය තුළ වාරිමාර්ග ව්‍යාපෘති කීයක් අපි ඉටු කළාද? අපගේ සාක්ෂරතාව වැඩිවෙලා. අද එජාපයේ සම්මේලන පවත්වනවා.12,000ක් සෙනඟ ගේනවා කිව්වා. අඩුතරමින් 1,000ක් වත් සෙනඟ ගේන්න බැරිවෙලා තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසීය.

     

    ​NDH/HC​

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya