අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉතිහාසයේ කවදාවත් මෙවැනි අයවැයක් ඉදිරිපත් වුණේ නෑ

    ඔක්තෝබර් 28, 2014

    මේ අය-වැය විශ්වසනීය අයවැයක් බවත් ඉතිහාසයේ කවදාවත් මෙවැනි අයවැයක් ඉදිරිපත් නොකළ බවත් ජ්‍යෙෂ්ඨ අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න මහතා පවසයි.


    ජනාධිපතිතුමා ජනතාවාදී පුද්ගලයෙකු ලෙස වෘත්තීය සමිති, ව්‍යාපාරික ප්‍රජාව ඇතුළු සියලු දෙනා සමඟ සාකච්ඡා කර අදහස් ගෙන ඊට අවධානය යොමු කරමින් හැදූ අයවැයක් බව ද ඔහු පෙන්වා දුන්නේය.

    අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (28) පාර්ලිමේන්තුවේදී විසර්ජන පනත් කෙටුම්පත දෙවැනි වර කියැවීමේ තෙවැනි දින විවාදයට එක්වෙමිනි.

    කවදාවත් අයවැයක් හදන්න පෙර මහජන අදහස් ගත්තේ නැහැ. මේ ජනපති එවැනි දේ කළා. එතුමාගේ දේශපාලන පසුබිම අනුවයි එවැනි ක්‍රියාමාර්ග ගන්නේ. විපක්ෂයට දැන් කියන්න කරුණු නැතුව සිටිනවා. මේ අයවැය සංවර්ධන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන අයවැයක් වන බව ද ඔහු පෙන්වා දුන්නේය.
     

    NDH/HC

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya