ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ

ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල නිකුත් වේ
  • SocialShare:

2025.05.19 සිට 2025.05.25 දක්වා ( ප්‍රායෝගික පරීක්ෂණය ද සහිතව ) පැවැත්වූ 2022/2023 (2025) ගුරු විද්‍යාල අවසාන විභාගයේ ප්‍රතිඵල අද (22) නිකුත් කර ඇති බව ශ්‍රි ලංකා විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


එම ප්‍රතිඵල www.donets.lk හා www.result.exam.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිස අයදුමිකරුවන්ගේ විභාග අංකය නිවැරදිව ඇතුළත් කිරීමෙන් ලබා ගත හැක. පාසැල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාවේ 0112784208 / 0112784537 යන දුරකතන අංකයන් සහ ක්ෂණික ඇමතුම් 1911 ඇමතීමෙන්ද ප්‍රතිඵල සම්බන්ධ විමසීම් කල හැකිය.

Teachini