ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය සඳහා විනිශ්චය මණ්ඩල සාමාජිකයන් හා සම්පත්දායකයන් ලියාපදිංචිය ඇරඹේ

ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය  සඳහා විනිශ්චය මණ්ඩල සාමාජිකයන් හා සම්පත්දායකයන් ලියාපදිංචිය ඇරඹේ
  • SocialShare:

රජය විසින් තිරසාර රාමුවක් මත දියත් කරන ලද Clean Sri Lanka ජාතික ව්‍යාපෘතිය මඟින් දීපව්‍යාප්තව පාරිසරික, ආචාර ධර්මීය සහ සමාජීය වශයෙන් ප්‍රගමනයක් ඇති කිරීම අරමුණු කොට ගෙන ක්‍රියාත්මක මෙම ජාතික ව්‍යාපෘතියේ අරමුණු සාක්ෂාත් කර ගැනීමේ උපායමාර්ගික මෙවලමක් ලෙස 2025/26 වර්ෂයේ ජාතික ඵලදායිතා සම්මාන තරඟාවලිය පැවැත්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.

ඒ අනුව අදාල තරඟාවලියේ විනිශ්චය කටයුතු කිරීමට අදාල විනිසුරුවන් ලියාපදිංචි කිරීම සඳහා 2025.03.20 සිට ආරම්භ කරන බව ජාතික ඵලදායිතා ලෙකම් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

වැඩි විස්තර www.productivity .lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකිය.