පරිභෝජනය කරන භාණ්ඩවල නිසි ප්‍රමිතියක් නොමැති වීම නිසා නිෂ්පාදකයන්, කර්මාන්තකරුවන් සහ පාරිභෝගිකයන් අපහසුවට පත්ව ඇති බවත්, ඒ අනුව රටට අවශ්‍ය නව ප්රමිතීන් 34ක් හඳුන්වා දීමට කටයුතු කරන බව මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී පැවසිය.
ආනයන හා අපනයන (පාලන) පනත යටතේ රෙගුලාසි කිහිපයක් සහ ක්‍රමෝපාය සංවර්ධන ව්‍යාපෘති පනත යටතේ අංක 2399/16 දරන ගැසට් පත්‍රයේ පළ කළ නිවේදනය සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසීය.
මෙතෙක් කල් ගෙනා භාණ්ඩවල ප්‍රමිතියක් නොතිබූ නිසා පාරිභෝගිකයන්ට, රටේ පුරවැසියන්ට ප්‍රමිතියකින් තොර ආහාර ආදිය පරිභෝජනය කිරීමට සිදු වී ඇති බවත් නිසි ප්‍රමිතියක් නොමැති වීම නිසා නිෂ්පාදකයන්, කර්මාන්තකරුවන් අපහසුවට පත් වී ඇතැයි නියෝජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. මේ හේතුවෙන් පාරිභෝගික ජනතාව වගේම, ව්‍යාපාරිකයෝ, නිෂ්පාදකයෝ අපහසුතාවයට පත් වී ඇති බවත් මේ සඳහා රජය මැදිහත් වන බවත් පැවසීය.
වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අමාත්‍යවරයා මෙසේ පැවසීය.
රාජ්‍ය යාන්ත්‍රණය තිබුණත් එය නිසි පරිදි කළමනාකරණය කර නැහැ. රටේ දත්ත නැහැ. තිබෙන දත්ත වලත් නිරවද්‍යතාවයක් නැහැ. විශ්වාසනීයත්වයක් නැහැ. ආණ්ඩුකරණය කරනවා කියලා මෙතුවක්කල් කළේ කුමක්ද කියා ඇසිය යුතුයි. නමුත් වර්තමාන ආණ්ඩුව ප්රශ්නය නඩත්තු කරනවා වෙනුවට ඊට අවශ්‍ය විසඳම් ලබා දෙනවා.
රටට අවශ්‍ය අලුත් ප්රමිතීන් 34ක් හඳුන්වා දී තිබෙනවා.
පසුගිය රජයේ අදූරදර්ශී සහ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රටේ කර්මාන්ත කඩා වැටුණා ගන්නා විට පරණ ආණ්ඩුවේ අදූරදර්ශී ප්රතිපත්තිවලින් එළියට ආ ගැසට් අනුමැතිය ලබා ගැනීමට පාර්ලිමේන්තුවට ගෙන් ඒමට සිදු වී තිබෙනවා. එසේ වන්නේ එම ක්‍රියාවලිය අවසන් කිරීමට අවශ්‍ය නිසයි.
සහල් ආනායනය කිරීම සම්බන්ධ ගැසට් නිවේදනයෙන් පේනවා ගොවිතැනට අවශ්‍ය ආයෝජනය රට තුළ කෙරිලා නැහැ. ගොවිතැනට, ගබඩාකරණයට අවශ්‍ය ආයෝජනයන් රට තුළ තිබී නැති බව පේනවා. ගරා වැටුණු ගබඩා පද්ධතියක් තමයි රටතුළ තිබුණේ. වී නිෂ්පාදනය, බෙදා හැරිම සාර්ථකව කළමනාකරණය කර තිබුණේ නැහැ.
මිල මට්ටම සමතුළිතව පවත්වා ගැනිමට නොහැකි මට්ටමට වෙළෙඳපොළ කඩා වට්ටා තිබුණා. ඒ වගේම තමයි කෘෂිකර්මාන්තයට අවශ්‍ය පොහොර පවා ආනයනය කරනවා. රටේ විශාල පොහොර නිධියක් තිබෙනවා.
ආයෝජයන් නිසි වෙලාවට සිදු නොකළ නිසා විශාල වියදමක් වී නිෂ්පාදනය සඳහා ගොවියාට වැය කරන්න සිදු වුණා.