අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව රැස් වෙයි

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව රැස් වෙයි
  • SocialShare:

අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පිළිබඳ පාර්ලිමේන්තු අනු කමිටුව ඊයේ(17) පාර්ලිමේන්තුවේදී අගමැති හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් රැස්විය.

මෙම රැස්වීමේදී නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලියේ වත්මන් ප්‍රගතිය පිළිබඳ සවිස්තරාත්මකව සමාලෝචනය කර ඇති අතර, ඉදිරි කාලය සඳහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳවද සාකච්ඡා කෙරුණි. අධ්‍යාපන පද්ධතිය නවීකරණය කිරීම සහ සිසුන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක වන මෙම ප්‍රතිසංස්කරණ වැඩසටහන ඉදිරියට ගෙනයාම සඳහා අවශ්‍ය නීතිමය, පරිපාලන සහ ප්‍රායෝගික පියවර සම්බන්ධයෙන්ද කමිටුවේ අවධානය යොමු වී ඇත.