මැදපෙරදිග අර්බුදය හේතුවෙන් බලපෑමට ලක්විය හැකි කණ්ඩායම් සඳහා විශේෂ සහන පැකේජයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව සභානායක බිමල් රත්නායක මහතා පැවසීය.
මැදපෙරදිග තත්ත්වය හේතුවෙන් බලපෑමට ලක්වූ පිරිසට සහන ලබාදෙනවාදැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අද(07) පාර්ලිමේන්තුවේදී සභානායකවරයා මේ බව ප්‍රකාශ කළේය.
ඔහු සඳහන් කළේ, අදාළ සහන පැකේජය පිළිබඳව ජනාධිපතිවරයා අද දහවල් පාර්ලිමේන්තුවේදී නිල ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවද හෙතෙම පැවසීය.
මැදපෙරදිග කලාපයේ වර්තමාන අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ට ඇතිවිය හැකි ආර්ථික හා සමාජීය බලපෑම් සැලකිල්ලට ගනිමින් මෙම සහන වැඩසටහන ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.


